හැමෝටම නැතුවම බැරි චරිතයක් වෙන්නෙ මෙහෙමයි

0
11


දකින ඇසුරු කරන අයගේ ආදරය දිනාගැනීම අප සිතන තරම් පහසු දෙයක් නෙවෙයි. ඒත් දකින දකින අයගේ ආදරය දිනා ගැනීමට කවුද අකමැති. එහෙම නේද? මෙන්න මේ විදිය ට හැසිරුනොත් එය එතරම් අපහසු දෙයක් වෙන්නෙ නම් නැහැ.

කතා කරන්න කොච්චර පිරිසක් සිටියත් ලොකුම අඩුව සවන්දෙන්නන් හරිම අඩුවෙන් හමුවීමයි. ඔබට හොඳින් සවන් දෙන්නෙකු වීමට පුලුවන් නම් ඔබට ඔවුන්ව දිනාගත හැකි බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා කාරුණිකව ඔවුනට සවන් දෙන්න. ඔවුනුත් ඉක්මනින්ම ඔබට සවන්දේවී.

බොහෝ මිතුරු සම්බන්ධතා ඇතිවන්නේ කිසියම් ලාභාපේක්ෂාවක් පෙරදැරිව. එසේ නොමතිව ඔබ ඇසුරු කරන්නන්ට හදවතින්ම ලංවන්න. ඔවුනට නිතර පිහිට වන්න. කරදරයක් වෙතට ඇදේ නම් එය පෙන්වාදෙන්න. ඔවුන්ගේ රුචි අරුචිකම් වලට ගරු කරන්න.

අපේ බොහෝ මිතුරන් ඉන්නවා, දුටු විගස අඩුපාඩුම පවසන. එහෙම නැත්නම් පරණ කෝන්තර හෝ නිතරම සිත් කඩා වැටෙන දේ පවසන. එහෙත් අප ඇසුරුකරන්නට කැමති වන්නේ නිතරම සිනාමුසුව, ප්‍රීතියෙන් සිටින අයව නේද? අපගේ මුවගට සිනහවක් ගෙන ඒමට සමත් අයව නේද? නිතරම හැකි පමණින් ඔවුන්ගේ මුහුණට සිනහවක් ගෙන එන්න.

නිරෝගී, ලස්සන පෙනුමක් ඇති අයට අකමැති වන්නෙ කවුද ? ඒ නිසා ඔබ ගැන හොඳින් සැලකිලිමත් වන්න. ඔබව හොඳින් බලාගන්න. නිතරම පෝෂණයෙන් යුතු ආහාර ලබාගන්න. එසේම ඔබ වටා සිටින මිතුරන්ටත් බෝ කරන්න.

ඔබේ වටිනාකම හඳුනාගන්න. අන් අයගේ ආදරය, ආකර්ෂණය දිනා ගන්නට නම් ඔබ ඔබේ වටිනාකම් හඳුනා ගත්තෙක් වියයුතුයි. ඒ නිසා ඔබ ඔබට ආදරය කිරීමට, ඔබේ වටිනාකම් හඳුනාගැනීමට පුරුදුවන්න. බුද්ධිමත් බව, දක්ෂ බව, යහපත් කල්ක්‍රියාව ඔබ අන් අය අතරින් කැපී පෙනෙන මිනිසෙකු කරනවාට කිසිදු සැකයක් නැහැ.

ඔබ කෙතරම් කැපී පෙනෙන කෙනෙක් වුවත් ඔබ තුල කිසිම ප්‍රොබෝධයක් නැත්නම් ඔබට ලැබෙන ආකර්ෂණය අවම වේවි. ඒ නිසා සුව නින්දක් ලබා ගැනීමට වග බලාගන්න. එය කායික මෙන්ම මානසික පිබිදීමකටත් හේතුවක් වෙනවා. ඔබේ කාන්තිමත් නෙත් වලට ඔබේ ප්‍රබෝධ්යේ තරම කියන්නට පුලුවන් බව අමතක කරන්න එපා.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here