කෑම මේසයේදී අප පිළිපැදිය යුතු යහ පුරුදු බොහොමයක් තිබෙනවා. උපකරණ නිසි ලෙස භාවිතයත් ඊට අදාළයි. සංස්කෘතියෙන් සංස්කෘතියට මේවා තරමක් වෙනස් වූවද බොහොමයක් පුරුදු පොදු ඒවා ලෙස අපට හඳුනාගන්නට පුළුවන්. පිරිසක් ඉදිරියේ ආහාර ගන්නාවිට අපහසුතාවයට පත් නොවී ප්‍රසන්නව ආහාර ගැනීමට ඔබට මග පෙන්වන්නටයි මේ උත්සාහය.
සුහද භෝජන සංග්‍රයකදී නම්, ඔබ වාඩි වුණ විගසම අත් පිස්නාව ඔබේ උකුල මත එලා ගැනීම කළ යුතුයි. සත්කාරකයෙක් සිටින අවස්ථාවකදී ඔහු අත් පිස්නාව ඔහුගේ උකුල මත තබා ගත් පසු ඔබ ඔබේ අත් පිස්නාව උකුල මත එලා ගැනීම සිරිතයි. මෙහිදී ගසමින්, වනමින් නවා ඇති අත් පිස්නාව දිග නොහැරිය යුතු අතර එය සෙමින් කළ යුතුයි. ඔබ අතර මඟදී තාවකාලිකව නැගිට යන විට අත්පිස්නාව තබා යා යුත්තේ ඔබ වාඩි වී සිටින පුටුවේයි. ආහාර ගැනීම අවසන් කළ පසු එය ඔබේ මේසයේ වම් පසින් තබා නැගිටීම කළ යුතුයි.
උපකරණ භාවිත කරන පිළිවෙල වන්නේ “පිටත සිට ඇතුළට” ලෙසයි. ඔබට මුලින් ම ලැබෙන ආහාරය සඳහා ඔබ ගත යුත්තේ ඔබේ පිඟාන දෙපස තබා ඇති හැඳි සහ ගෑරොප්පුවලින් පිටතින් ම එනම් පිඟානට දුරින් ම ඇති යුගලයයි.
ඔබ ආහාර බෙදාගන්නේ නම් සාමාන්‍යයෙන් මුලින් ම සුප් එකකින් ආරම්භ කරනවා. සුප් හැන්ද තරමක් පුළුල් හිසක් සහිත හැන්දයි. ඒ සමග ඔබ පාන් ආහාරයට ගන්නවා නම් කුඩා කැබලි කඩාගෙන ආහාරයට ගත හැකියි.
ඔබ සාමාන්‍යයෙන් දකුණතින් ආහාර ගන්නේ නම් දකුණතින් හැන්ද සහ වම් අතින් ගෑරොප්පුව අල්වා ගත යුතුයි. මෙය අල්වා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.
ඔබ පිහිය සහ ගෑරොප්පුව භාවිත කිරීමේදී ගෑරොප්පුව වමතට ගෙන, පිහිය දකුණතට ගෙන, ගෑරොප්පුවෙන් ආහාරය අල්ලා ගෙන පිහියෙන් කුඩා කැබලි වලට කැපීම කළ යුතුයි.
ඒවා ආහාරයට ගැනීමේදී බොහෝවිට නැවත ගෑරොප්පුව දකුණතට ගැනීම සිදු කරනවා.
ප්‍රමාණයෙන් විශාල බඳුනක් සහිත වීදුරුව ජලය පානයටයි. අනිත්වා වයින් ආදියටයි.
ආහාර ගැනීම ආරම්භ කිරීමට සියලු දෙනාට පිළිගන්වා අවසන් වන තුරු සිටීම සුදුසුයි. නැතහොත් සත්කාරකයා ආරාධනා කරන තුරු සිටීම සිරිතයි.
පුද්ගලයෙකුට විශේෂයෙන් යමක් දීමේදී හැර අනෙක් සෑම අවස්ථාවකදී ම දකුණු පසට හුවමාරු කිරීම සිදු කළ යුතුයි.
ලුණු සහ ගම්මිරිස් හුවමාරු කිරීමේදී සෑම විටම දෙකම එක වර හුවමාරු කිරීම සිරිතයි.
ඔබ ආහාර ගන්නා අතරතුර දී වතුර බීමට හෝ වෙනයම් දෙයකට තාවකාලිකව ආහාර ගැනීම නතර කරන විට හැන්ද සහ ගෑරොප්පුව තබන්නේ මෙසේයි.
ඔබ ආහාර ගැනීම අවසන් වූ පසු හැන්ද සහ ගෑරොප්පුව තබන්නේ පහත පරිදියි.
ආහාර ගැනීමේදී අනෙකාට අප්‍රසන්න නොවෙමින් ආචාරශීලී ව ආහාර ගැනීම ඔබේ පෞරුෂත්වය වැඩි දියුණු කරනවා. ඉහළ පෞරුෂයකින් යුතු ස්මාට් කාන්තාවක් ලෙස ආහාර ගන්නට දැන් ඔබට හැකියාව ලැබේවි.
Saru FM Media