හැඩැති සුන්දර ඇහිබැමක් (eyebrows) සඳහා නිවසේදී කළ හැකි සත්කාර

0
15


බොහෝ කාන්තාවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි ප්‍රමාණවත් පරිදි ඇහිබැම නොවැඩීම. ලස්සන දෑසකට ඇහි බැම කියන්නේ අනිවාර්ය අංගයක්.හිතුමතේ ත්‍රෙඩින් කිරීම වැක්ස් කිරීම මෙන්ම රේසර් කිරීම නිසාත් ඇහි බැම විකෘති වෙන්න පුළුවන්.

ඔබේ ඇහි බැම දැනට කුමන මට්ටමේ තිබුණත් නැවත් ඇහිබැම මේ සත්කාර හරහා වර්ධනය කරගත හැකී.එහෙත් මේ සත්කාර සියල්ල කරන ඔබ මතක තබා ගත යුතු පළමු කාරණය මේ සියලු සත්කාර කරන අතරතුර නම් eyebrows හදන්න යන්න නම් එපා. 

ඔබට හැඩැති ඇහිබැමක් අවශ්‍ය නම් පලමුව නිදහසේ ඇහිබැම වැඩෙන්නට ඉඩහරින්න.මේ සඳහා අවම වශයෙන් සති 12 ක්වත් නිදහසේ ඇහිබැමට වැඩෙන්නට ඉඩදෙන්න.

කාලයක් යනතුරු ත්‍රෙඩීන් ආදී කිසිම දෙයක් සිදු නොකරන්නට වග බලා ගන්න අවශ්‍යයි .නැවතත් මතක තබා ගන්න මෙසේ නිදහසේ ඇහිබැම නැවත වැඩීමට සඳහා අවම වශයෙන් සති 12ක් වත් ඔබට ඉවසීමෙන් බලන් ඉන්න අවශ්‍ය වෙනවා .

ඇහි බැම සම්බාහනය කිරීම මගින් ඉක්මන්  වර්ධනයක් ලබා ගන්න පුලුවන්.දිනපතා මුහුණ සෝදන අවස්ථාවලදී හෝ විශේෂයෙන් ඔලිව් තෙල් හෝ පොල්තෙල් ටිකක් ආලේප කර සම්බාහනය කරන්න පුළුවන් .

නිතර නිතර ඇහිබැම පීරීම නිසා උත්තේජනයට පත් වෙනව.ඒ සඳහා වෙනම පනාවක් හෝ බ්‍රශ් එකක් සූදානම් කර තබා ගන්න.

කෙස් වැඩීමට නම් සම තෙතමනය සහිත පෝෂණීය එකක් වෙන්න ඕනා.වැස්ලින් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් පහසු අමුද්‍රව්‍යයක්.

ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඇහි බැමි මත ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කර පැය දෙකක් පමණ තබා සබන් නොමැති සේදුම් කාරකයක් දමා සෝදා හරින්න.

ඇහි බැම වර්ධනය කර ගැනීමට පොල්තෙල් ද ඉතාමත් සුදුසු ද්‍රව්‍යයක්.ඒ සඳහා පිරිසුදු කපු රෙදි කොටස් දෙකක් හෝ පුළුන් කොටස් දෙකක් පොල් තෙල් පොඟවා ඇහිබැම මත රාත්‍රියක් තබාගෙන හිදින්න.පසුදා සෝදාහරින්න.

බිත්තර කහමද, උළුහාල් ඇට,කෝමාරිකා ඉස්ම එකට බ්ලෙන්ඩර් කර පැක් එකක් ලෙස ඇහිබැම මත ආලේප කරල විනාඩි 20 තියල සෝදල හරින්න.
ඔබේ ඇස්වල ආරක්ෂාව ගැන නිරන්තර අවධානයක් දී මේ පැක් එක යොදන්න. ඇහිබැම වර්ධනය වේගවත් කරගන්න මේ පැක් එකෙනුත් ඔබට පුළුවන්.ඇහිබැම වර්ධනයට අවශ්‍ය පෝෂක සියල්ලම එයින් ලැබෙනවා.

හොඳින් ජලය පානය කිරීම හා පෝෂ්‍යදායී ආහාර ගැනීම ද ඇහිබැම වර්දනය සඳහා අතිශයින්ම වැදගත් වනවා. ඒ නිසා කැල්සියම් බහුල ආහාර වන කුඩා මාලු වර්ග, පලා වර්ග නිතර ආහාරයට එක් කර ගන්න, ඊට අමතරව විටමින් බී අඩංගු ආහාරත් වැඩිපුර එක් කර ගැනීම ඇහිබැම වර්ධනයට ඉතාම වැදගත්. මේ නිසා බාහිර සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණය ගැනත් හිතන්න. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here