හැඩකාර පෙනුමක් වගේම ස්මාර්ට් ලුක් එකක් දෙන කුර්තා ටොප් අලුත්ම විලාසිතා.

0
10


ලස්සනට හැඩට වගේම ස්මාර්ට් ලුක් එකක් ගන්න කැමති ඔබ එක වරක් හෝ ඇඳ හැඩ බලන්න ඕනි ඇඳුමක් තමයි කුර්තා කියන්නේ.

ඉන්දියානු, දකුණු ආසියානු සම්භවයක් සහිත කුර්තා අද වන විට ලෝකය පුරාම හැඩකාරියන්ගේ කැමැතිම විලාසිතාවක්.

කොලරය රහිත,ඇඟට එතරම් හිර නැති,දණහිස දක්වා දිගු කමිසයක් මෙහි මූලික හැඩය වුණේ.

පටලවා ගන්න නම් එපා

කුර්තා හා ශල්වාර් කියන්නෙ එකම ඇඳුමකට කියල හිතාගෙන පටලවා ගන්න අයත් ඉන්නවනේ. ඇත්තටම මේ දෙක ඇඳුම් වර්ග දෙකක්.

මේ දෙකේ වෙනස් වෙන්නේ මෙහෙමයි. කුර්තා කියන්නේ උඩු කය ඇඳුමක් (top එකක්).
ශල්වාර් එන්නේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් විදිහට. එහිදී top (ශල්වාර් කමීසය), bottom (පෑන්ට් එක), ශෝල් එක ලෙස කොටස් තුනක් එනවා.

සම්ප්‍රදායික ලෙස නම් කුර්තා මැසීම සඳහා ගන්නේ කපු හෝ සිල්ක් රෙදි. මිලෙන් අධික සිල්ක් රෙද්දෙන් කල කුර්තා උත්සව අවස්තා සඳහාද,හොද වායු හුවමාරුවක් සහ ඇඟට සුව පහසුවක් සහිත කපු එදිනෙදා ගමනටත් වඩාත් උචිත වෙනවා.Designer wear සඳහා georgette බොහෝ දුරට යොදාගන්නවා.එසේම chiffon, ඩෙනිම් රෙදිද භාවිතා කරනවා.මුද්‍රිත හෝ තනි වර්ණ ලෙස හෝ ඉතා ආකර්ෂණීය වර්ණ රටාවන්ගෙන් යුතු රෙදි වලින් කුර්තා නිමවෙනවා.

ඕනෑම අවස්ථාවකට ගැලපෙන ඇඳුමක් ලෙස කුර්තා ප්‍රසිද්ධයි.රාජකාරියට,උත්සව සඳහා, එදිනෙදා ගමනට,රාත්‍රී සාද වලට වැනි සියලු අවස්ථා සඳහා තෝරාගත හැකි කුර්තා තිබෙනවා. පොඩි පොඩි වෙනස්කම් සහිතව කුර්තා මෝස්තර සිය දහස් ගනනක් ඔබට දකින්න ලැබෙනවා. ඒ අතරින් ඔබ ඇඳලා හැඩ බලන්න ඕනේ කියලා අපට හිතෙන style කීපයක් තමයි මේ.

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මෙම වර්ගය ඉණේ සිට පහලට හැඩවේ.මෙහි විවිද දිගවල් දැකිය හැක. දනහිස දක්වා,බත්කෙන්ඩ දක්වා, වලලුකර දක්වා යන උසට ඇත.අඳින අවස්ථාව අනුව ආභරණ, අත්බෑග්, සෙරෙප්පු තෝරාගත යුතුය.

ලෙගින්, ජෙගින්,ජීන්ස්, හේරම් පෑන්ට්, පලාසෝ පෑන්ට් සමඟ ගලපා ඇදිය හැක.

අනර්ඝ නිමාවෙන් යුතු හොඳ පෙනුමක් ඇති මේවා වඩාත් ගැලපෙන්නේ උත්සව අවස්ථාවන්ටය.උස, මිටි,කෙට්ටු මහත ඕනෑම කෙනෙකුට ලස්සන පෙනුමක් දෙන්න මේ කු‍ර්තා වර්ගයට පුලුවන්. උත්සව අවස්තා සඳහා නම් එම්බ්‍රොයිර්, පබලු,stone work, mirror work වලින් හැඩ ගැන්වූ අනර්කලී කුර්තා තෝරාගන්න පුලුවන්.

පලාසෝ පෑන්ට්, කලිසම්, සාය, ලෙගින්, ජෙගින් සමඟ ඇඳිය හැක.

වර්තමාන වෙලදපොලේ ඉහල ඉල්ලුමක් ඇති වර්ගයකි.සාම්ප්‍රදායික ඉන්දියානු පෙනුමක් මෙන්ම සාමාන්‍ය පෙනුමක් ගන්නත් මේ වර්ගය සුදුසු වේ. විශාල ආභරණ පැලදීම මගින් හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්.

ජෙගින්, ලෙගින්, සාය, streight පෑන්ට්, පලාසෝ පෑන්ට් සමග ගලපා අඳින්න පුලුවන්.

ආසියානු හා බටහිර සම්භවයක් සහිතය.ශර්ට් එකේ සහ කුර්තාවේ දෙකේම ලක්ෂණ ලෙස කොලර් එකකින්ද ,දණහිස දක්වා වූ දිගකින්ද,දිග අත්වලින්ද සමන්ව්තය. එදිනෙදා ගමනට මෙම රාජකාරී කටයුතු සදහාඳ ඇදිය හැක. ඉතා සරල පෙනුමක් ඇඳුමෙන් ලැබෙන බැවින් ඔබට විශාල අභරණ පැලදිය හැක.මේවා ගවුමක් ලෙස අඳින්නත් පුලුවන්. ඩෙනිම්, කපු, විස්කෝස්, rayon, පොලියෙස්ටර්, georgette, crep වැනි රෙදි වලින් මසන ශර්ට් කුර්තා විවිධ දිගට මසනු ලබයි.

ලෙගින්, ජෙගින්, ජීන්ස් සමඟ වඩාත් උචිත වේ.

බොලිවුඩ් නිලියන්ගේ පවා සිත් ගත් විලාසිතාව වන මේ පොළොව දක්වා දිගු කුර්තා ඔබේ පෙනුම රාජකීය පෙනුමක් දක්වා ඔසවා තබන්නට සමත්ය. ගවුමකට සමාන පෙනුමක් ඇති මේ විලාසිතාව සමඟ heels හෝ wedges පැළඳූ විට හොඳ පෙනුමක් ලැබෙනවා.

එකම කුර්තාවට ඔබ අඳින කලිසම මාරු කර වෙනස් පෙනුමක් ගන්න පුලුවන්.
ඔබ හැමදාමත් ඇඳපු ලෙගින් වෙනුවට ජෙගින්, ඩෙනිම්, පෑන්ට්, හේරම් පැන්ට්, පලාසෝ පෑන්ට් හෝ වෙනසකටත් එක්ක හැඩකාර ලෙහෙන්ගා සායක් අඳින්නත් පුලුවන්.
එම්බ්‍රොයිඩර් කරපු ජැකට් එකක්, waistcoat එකක් , transparent tunic එකක්, ශෝල් එකක් පාවිච්චි කරලාත් වෙනස් පෙනුමක් ගන්න පුලුවන්.

කුර්තා විවිධ රෙදි වලින් මසන නිසා මෙය ඒ ඒ ඇඳුමට වෙනස් වේ.ඇඳුමේ ඇති ටැග් එකේ උපදෙස් අනිවාර්යෙන් කියවන්න. අධික උණුසුම යටතේ මැදීම, රෙදි සෝදන මැශිම භාවිතයෙන් සේදීම, ඇතැම් dry clean කලයුතු ඒවා සේදීම ඇඳුමට හානිකර විය හැක. කපු නොවන බොහෝ ඒවා සැර අඩු සබන් යොදා මද උණුසුම් හෝ සීතල වතුරෙන් අතේ සේදීම නිර්දේශ කරනවා.

මගේ රෙදිපිලි ක්ෂේත්‍රයේ අත්දැකීම් අනුව මම යෝජනා කරනවා කුර්තා මිලදී ගන්නා විට වෙළඳ පලට ගිහින්ම ගන්න කියලා. Online මිලදී ගැනීමට වඩා ඇඳලා බලලා, රෙද්ද ස්පර්ශ කරලා ගන්න එක ඔබේ සතුටට සහ හොඳම කුර්තා එකක් තෝරගන්න හේතුවක් වෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here