හැටන් පාසල් චන්ඩි අද අධිකරණයට

0
2

 හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් සැකපිට ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බව හැටන් මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර මීට සති තුනකට පෙර ගැටුමක් අතිව ඇති අතර අදාළ ගැටුමට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී තිබේ.

කෙසේවෙතත් එම සිද්ධිය පාසලේදී සමතයකට පත්වීමෙන් අනතුරුව අදාළ පහරදීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ඉන් අනතුරු පහරකෑමට ලක්වූ බව කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සිදු කළ විමර්ශනයකදී පහර දුන්නේයැයි කියන සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළහ.

පහර කෑමට ලක් වුයේ යැයි කියන සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ අදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරු මහේස්ත්‍රාත්වරයා හරහා සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා ඔවුන්ගේ දෙමව්පියන් වෙත භාරදීමට පියවර ගන්නා බව හැටන් මූලිස්ථාන පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here