හසිනි පෙරේරාගෙන් සුපිරි ඉනිමක්

0
1

59 වැනි තරගයේදී අර්ධ ශතකයක්

චමරි අතපත්තු ලකුණු 4000 පසු කරයි

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය

හසිනි පෙරේරාගේ 59 තරගයේදී ශතකයක් ලබාගැනීමට තිබූ අනගි අවස්ථාව මග හැර ගත්තේ අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යෑමෙනි. ඇය මීට පෙර තරග 58 කට ක්‍රීඩා කර තිබූ නමුත් අර්ධ ශතකයක් හෝ ලබාගෙන නොතිබුණි.

නමුත් හසිනි පෙරේරා අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 99 කට මුහුණ දෙමින් හතරේ පහරවල් 13ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 85 ක් ලබා ගනිමිනි.

කාන්තා ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට හිමි හයවැනි තරගය ලෙස ඊයේ ඉන්දියාවේදී ආරම්භ වූ බංගලාදේශ – ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය ලබාගන්නට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වූවාය.

ශ්‍රී ලංකා ගෞරවය රැකගැනීමට බංගලාදේශයට එරෙහි තරගය ජයගත යුතුව තිබූ අවස්ථාවේ චමරි තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදී ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් තම රට ඉදිරියේ සටහන් කිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 202ක් ලබා ගත්තේ ලකුණු 250 සීමාවට ලෙහෙසියෙන්ම යෑමට තිබූ ගමන අතරමගදී අනවශ්‍ය පහරවල් නිසා කඩාකප්පල් කරගනිමිනි.

චමරි සහ විශ්මි ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ අතර විශ්මි ලකුණු නොලබාම පළමු පන්දුවෙන්ම දැවී ගියාය. චමරිට එක්වූ හෂිනි ඉතා හොඳින් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව තබා ගනිමිනි. චමරි ලකුණු 46 ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 72ක් සටහන් වෙද්දී ය.

ඉන්පසු පැමිණි හර්ෂිතා සහ කවීශාට ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් දෙයක් කරගන්නට නොහැකි වූ අතර නිලක්ෂිකා ද සිල්වා යළිත් සුපුරුදු දස්කම් මත රැඳී සිටිමින් ලකුණු 37 ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කඩුලු 6කට ලකුණු 178 ක් වැනි ඉතා හොඳ ලකුණු මට්ටමක් රඳවා ගනිමිනි.

තවත් පන්දුවාර 18ක් ඉතිරිව තිබුණේ ශ්‍රී ලංකා ඉනිමට කඩුලු 4ක්ද අතැතිවයි. ශ්‍රී ලංකාවේ අවසන් පිතිකාරිනියන් අතින් ඉනිමට එක්කර ගත හැකිවූයේ ලකුණු 24ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48 පන්දු 4 කදී සියලු දෙනා දැවී ලකුණු 202 ක් ලබා ගත්හ.

බංගලාදේශය වෙනුවෙන් අනගි පන්දු යැවීමක නිරත වූ ෂොර්නා අක්තාර් ලකුණු 27 කට කඩුලු 3ක් බිඳ දැමීය.

ලකුණු පුවරුව

විශ්මි ගුණරත්න 0

චමරි අතපත්තු 46

හසිනි පෙරේරා 85

හර්ෂිතා සමරවික්‍රම 4

කවීශා දිල්හාරි 4

නිලක්ෂිකා ද සිල්වා 37

අනුෂ්කා සංජීවනී 2

සුගන්ධිකා කුමාරි 1

උදේශිකා ප්‍රබෝධනී 8

මල්කි මදාරා 9

ඉනෝකා රණවීර නොදැවී 2

අතිරේක 4

එකතුව 202 පන්දුවාර 48.4

බංග්ලාදේශ පන්දු යැවීම

ෂොර්නා අක්තාර් 27/3

රුබෙයා ඛාන් 39/2

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here