හවස තේ වෙලාවට සංග්‍රහ කරන්න බිත්තර මෆින් හදමු

0
12


හවස තේ වෙලාවට වගේම, මිතුරන් රැස් වෙන පුංචි පාටියකට, ගෙදරට එන අමුත්තන්ගේ තේ මේසයට, පොඩිත්තන්ගේ පෙර පාසල් කෑම පෙට්ටියට එකතු කරන්න පුලුවන් කෑමක් තමයි, බිත්තර මෆින්.
අවශ්‍ය දේවල්:
  • බිත්තර 4
  • එළකිරි කෝප්ප/ෆ්‍රෙෂ් මිල්ක් 1/2
  • චීස් කෑලි 2ක්
  • කුඩාවට කෑලි කපාගත් සොසේජස් හෝ මස්
  • කුඩා කැබලි කැපූ තක්කාලි
  • සිහින්ව ලියා ගත් ළූණු
  • බටර් තේ හැන්දක්
  • ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය:
  • අවන් එක 180°C උෂ්ණත්වයට per heat කරන්න. මෆින් සාදා නිම වන තුරුම අවන් එක ඔෆ් නොකරන්න.
  • දැන් බිත්තර ටික හොඳින් ගසා ගන්න.
  • ඉන්පසු එයට කිරි සහ චීස් දමා මික්ස් කරන්න.
  • දැන් එයට සොසේජස් ළූනු සහ තක්කාලි එකතු කර හොඳින් ගසන්න.
  •  මෆින් ට්‍රේ එක  ගෙන කප් වල  බටර් තවරාගෙන ඒ මෆින් කප් එකකින් බාගයක් පමණ වැසෙන සේ සාදා ගත් මෆින් මිශ්‍රණය දමා ගන්න
  • මෆින් ට්‍රේ එක විනාඩි විස්සක් පමණ වෙලාවක් බේක් කර ගන්න.
රසවත් මෆින් සාදා ගන්නේ මේ ආකාරයටයි. වැඩි වෙලාවක් නොගෙන කැවිලි වර්ග සහ කෙටි කෑම වර්ග කිහිපයක් පිළියෙළ කරන වෙලාවට මේ රෙසිපිය ඔබට බොහොම වැදගත් වේවි.
-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here