හවස තේ වෙනුවට වෙනසකට.., අද සුප් එකක් බොමුද?wew

0
10


හැන්දෑවට තේ වෙනුවට රසම රස මිශ්‍ර එළවලු සුප් එකක් හොඳයි කියා සිතෙනවා නම් මේ රසම රස ලේසියෙන්ම හදාගන්න පුළුවන් සුප් එක හදල බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • අල 100 g
  • බෝංචි 150 g
  • කැරට් 50 g
  • ගෝවා 50 g
  • සුදු ළූණු බික් 04
  • රතු ළූණු ගෙඩි 04
  • ගෝවා මල් ග්‍රෑම් 50
  • ලොකු ළූණු ගෙඩි 2
  • තක්කාලි ගෙඩි 2
  • සුදු ළූණු බික් 4
  • කරපිංචා
  • ගම්මිරිස් ඇට කිහිපයක්
  • ලුණු ඇති තරමට
  • දෙහි ගෙඩියක යුෂ
  • වතුර ලීටර 1 1/2

සාදන අයුරු:

සියලුම එළවලු වර්ග හොඳින් සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගන්න. ඉන්පසු ගැලපෙන බඳුනක් ගෙන එයට වතුර දමා කපා ගත එළවලු ගම්මිරිස්, සුදු ළූණු, කරපිංචා එකතුකර හොඳින් තම්බා ගන්න. අන්තිමට නිවිති කොලද එකතුකරන්න. ඉන්පසුව ලුණු එක්කර, දෙහි යුෂ ද දමා ලිපෙන් ඉවත් කර උණු උණුවෙම පානය කරන්න. කැමති නම් සුප් එක නිවා බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. තිබෙනවා නම් ළුණු කොළ කිහිපයක් සැල්දරි කොටස් කිහිපයක් ද එක්කරගන්න.

එළවලු සුප් එකට හතු, බ්‍රොකොලි, ග්‍රීන් පීස්, ලොකු බෝංචි ඇට, ගෝවා මල්, සුකිනි, වට්ටක්කා මේ වගේ දේවල් ද එක් කරග ගත හැකියි. තව ද මස් වර්ග සහ මාළුද එකතු කර ගන්නට පුළුවන්.

අසනීපවෙන් ඉන්න කෙනෙක්ට වගේම බර අඩුකරගන්න හිතන කෙනෙන්ට තමන් කැමති විවිදයට කැමති රසට මෙම සසුප් එක හදල පාන් පෙත්තක් සමඟ රාත්‍රී ආහාරය ලෙස ගන්නත් හැකියි.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here