හවස තේ බොන්න Omlet Bread හදමු..

0
10


හවස තේ බොන්න චූං පාන් එකෙන් මොනවාහරි ගන්න, බිස්කට් හෝ කේක් කන්න පුරුදු වෙලා ඉන්න ඔබට අද ගෙනාවේ කටට රසට හදා ගන්න පුලුවන් ඔම්ලට් බ්‍රෙඩ් රෙසිපි එකක්.. උණු තේ එකකට අපූරුවට ගැළපෙන මේ ස්නැක් එක හදලාම බලන්න.

අවශ්‍ය දේවල්:

  • පාන් පෙති 3
  • බිත්තර 2
  • සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක්
  • තක්කාලි ගෙඩියක්
  • ළූණු කොළ
  • සිහින්ව ලියා ගත් කැරට් ටිකක්
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් ටිකක්
  • ග්‍රේට් කරගත් චීස්

සාදාගන්නා ආකාරය මෙහෙමයි..

  • මුලින්ම පාන් පෙත්තේ වාටිය තියෙද්දී මැද කොටස පිහියකින් කපා අයින් කරගන්න.
  • බිත්තර දෙකට චීස් ඇර අනිත් සියල්ල හොඳින් කවලම් කරගන්න.
  • තෙල් ස්වල්පයක් සහිතව පෑන් එක ලිප තබා ගන්න.
  • පාන් පෙත්ත පෑන් එකට දමා මැදට බිත්තර මිශ්‍රණය දාගන්න.
  • උඩින් චීස් ටිකක් දමාගෙන මුලින්ම අයින් කරපු පාන් මැද කොටස උඩින් තබා තද කරගන්න.
  • දෙපැත්ත හරවා පිස ගන්න

හවස තේ බොන්න කදිමයි නේද?
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here