හවස තේවලට ගන්න තල බෝල හදමු

0
12


තල පෝෂණටයෙන් සපිරි ධාන්‍ය වර්ගයකි. තල ගුලි, තල කැරලි ආදී විවිධ රස කැවිලි වර්ග තල ඇසුරෙන් සකසා ගනු ලැබේ. හදන්න ඉතා පහසු තල බෝල තල  ඇසුරෙන් සකසා ගන්නා රසවන් රස කැවිල්ලකි. තේ වේලාවට හෝ කෑමකින් පසුව මෙන්ම පුංචි බඩගින්නකට වූවත් නිවසේදී පමණක් නොව කාර්යාලයේදී ද බිස්කට් වෙනුවට ළඟ තබාගෙන පහසුවෙන් කෑමට ගන්නට හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය –

  • තල 100g
  • ගා ගත් පොල් මිටක්
  • කිතුල් හකුරු 100g
  • කරදමුංගු කුඩු ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන අයුරු –

පළමුව හකුරු ටික කොටා ගන්න. නැතිනම් ග්‍රේට් කරගන්න. පොල් ටික කබලේ බැදලා ගන්න. මේ සඳහා ඩෙසිකේටඩ් කොකනටි යොදා ගන්නවා නම් බැදීම අවශ්‍ය නොවේ. අනතුරුව හකුරු, පොල්, තල, කරදමුංගු, ලුණු  සියල්ල හොඳින් මිශ්‍ර කර යන්තම් කොටා  ගෙන බෝල ආකාරයට ගුලි කර ගන්න.

පළමුවෙන්ම තල ඇට ශුද්ධ කර, ගරා, සොදා, වේලාගන්න මතක තබා ගන්න. තල කොටන්නේ නැතිව ද කලවම් කල හැක. පොල් යෙදීම අත්‍යාවශ්‍යම නොවන අතර ඒ වෙනුවට පොල් නොයොදා හකුරු, ලුණු සහ තල යොදා කොටා සකසා ගත හැක. සීනි හකුරු යොදන්නේ නැතිව පිරිසිදු පැණි හකුරු යෙදීමෙන් වඩාත් රසවත් තලබෝල සකසා ගත හැක.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here