හලාවත මුහුදු තීරය නැවත වතාවක් ඛාදනය ලක්වීමේ අවධානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් සදහන් කළේ එම වෙරළ තීරයේ ඉස්සන් අභිජනනාගාර සහ ධීවර තොටුපල ආශ්‍රිත ස්ථාන කිහිපයක්ම මේ වන විට ඛාදනයට ලක්ව ඇති බවයි.
සෑම වසරකම මැයි මාසය පමණ වන විට මුහුදු ඛාදනය සිදුවන බවත්, තත්ත්වය පාලනය කිරීම සදහා යොදා ඇති ගල් වැටි බොහෝමයක් ද මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් ඇති බවත් ධීවරයින් පවසනවා.
ඉදිරි දින කිහිපය තුළ මුහුදේ රළු සමය එළඹෙන බැවින් ඛාදන තත්ත්ව ඉහළ යා හැකි බවයි ප්‍රදේශවාසී පැවසුවේ.
ධීවරයින් සහ ප්‍රදේශවාසීන් වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ පවතින ගැටළුවලට නිසි විසඳුමක් ලබාදෙන ලෙසයි.
Saru FM Media