ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
වාහනයට වෙඩි තබා ලිපිගොනු පැහැර ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි සැකකරු පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිණ.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මෙලෙස අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
Saru FM Media