ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබුණු වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
තුසිත හල්ලොලුව අද (14දා) දින සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවේ පෙනී සිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්,
තම සේවාදායකයා සැත්කමකට භාජනය වී සිටි නිසා ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි සඳහන් කළේය.
සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත්, ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ අතරල නඩුව යළි ජනවාරි 22 වැනිදා කැඳවීමට නියෝග කර ඇති බව සඳහන්ය.
Saru FM Media









