හල්දුම්මුල්ලේ පස් කන්දක් නායයයි – රථ වාහන ධාවනයට බාධා

0
1

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ ⁣කදිරේෂන් බෝක්කුව අසල ප්‍රදේශයේ නායයෑමක් සිදු වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

දැනට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී.

මේ මොහොත වන විට එම ප්‍රදේශයට වැසි තත්ත්වයේ අඩුවක් පවතින අතර, ඉදිරියේ දී වැස්ස ඇති වුවහොත් තවදුරටත් නායයෑමට ඉඩ ඇති බව පොලීසිය පවසයි.

අද (24) සවස 2.30 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයේ ද බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශය නායයෑම් සිදුවිය හැකි ස්ථානයක් ලෙස නම් කර තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here