හරක් කටා නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් භාරයේ

0
9

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී පලායාමට චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයකට අනුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇතැයි නීතිපති අද (08දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේල මෙම විත්තිකරුට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here