
කොළඹ මහාධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනුව, බන්ධනාගාර නිලධාරීන් විසින් ‘හරක් කටා’ යනුවෙන් ප්‍රසිද්ධ නදුන් චින්තක වික්‍රමරත්න නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන විත් නැවත ඔහුව බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී රුපියල් කෝටි තිහක මුදලක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (15) විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය තවදුරටත් සඳහන් කරයි. මෙම විමර්ශන ඉතා සංවේදී මට්ටමින් සිදු කෙරෙන බව ද වාර්තා වේ.
මෙම ප්‍රකාශය මගලින් ගම්‍ය වන්නේ හිටපු ඇමතිවරයා හා හිටපු පොලිස්පතිවරයා සිරකරුවන්ගෙන් කප්පම් ලබාගත් බවයි.
නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ මීට පෙර ද විවිධ ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් නීතිය ඉදිරියට පැමිණ සිටි අතර, මෙවර ඔහු විසින් කළ ප්‍රකාශය සමාජය තුළ විශාල කතාබහකට ලක්ව ඇති බව පෙනේ.
සමාජ මාධ්‍ය හරහා ද ව්‍යාප්ත වූ මෙම සිදුවීමේ වීඩියෝ පටය හේතුවෙන් ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනා සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක සාකච්ඡා සමාජගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ හේතුවෙන් මෙම ප්‍රකාශයේ සත්‍යතාව සහ එහි පසුබිම සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ බලධාරීන් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවරා ඇති බව වාර්තා වේ.
වාර්තා වන පරිදි, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැලිගම පිහිටි හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබිණි. එම සිද්ධියෙන් පසු දේශබන්දු තෙන්නකෝන් මහතා දින ගණනක් අධිකරණය මගහැර සිටීමෙන් අනතුරුව, නීතිඥවරුන් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර සිටියේය.
මේ අතර, ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා සමහර පාර්ශ්වයන් විසින් යොදා ගැනීමේ ප්‍රවණතාවයක් ද මතු වී ඇති බවයි. එබැවින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම ප්‍රකාශය පිටුපස ඇති සැබෑ පසුබිම සොයා බැලීමට නියමිත බව වාර්තා වේ.
‘හරක් කටා’ විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ටිරාන් අලස් හෝ අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෝ මේ වන තෙක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද වාර්තා වේ.
මෙම කතාව මාධ්‍යයෙහි පළකරන ලෙසද ඉල්ලමින් තත්පර කිහිපයක් වූ ප්‍රකාශය නිකුත් කර හරක් කටා බන්ධනාගාරයෙන් පිටතට ගියේය.
” රුපියල් කෝටියක් වියදම් කරලා මම තංගල්ලේ රඳවාගෙන ඉන්නේ
දෙෂබන්දුටයි ටිරාන් අලස්ටයි රුපියල් කෝටි 30 ක් දුන්නේ නැති නිසා… ඒක දාන්න “
ඔහුගේ වචන විය.
Saru FM Media