නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිව යුතු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (20) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙම මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතී.
1
Saru News
















