පොලිසියෙන් සැඟව පලා ගොස් සිටින සැකකාරිණී හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්තිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
විත්තිකාරිණිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අධිකරණයට භාර වූ බවයි.
පසුගිය සතියේ තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට හානි වන අන්දමින් පහරදීමේ චෝදනාවකට සැකපිට සැකකාර හයේෂිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා සහ ආයතන කළමනාකාරීවරයා කටාන පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණය නියෝග කළේ එම සැකකරුවන් ව ඊයේ දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
කෙසේවෙතත් මෙම සිදුවීමේ ප්‍රධාන සැකකාරිණිය වූ හයේෂිකා ප්‍රනාන්දුව අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යෙදවූව ද පොලිසියට ඇයව අධිකරණයට අද භාරවන තෙක් අත් අඩංගුවට ගැනීමට හැකි වූයේ නැහැ.
Saru FM Media