
පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය එම නඩුවේ සැකකාර තරුණයාට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි එම තරුණයා විසින් කරන ලද පැමිණිල්ල නිසා සමාජ මාධ්‍ය තුළ ඒ ගැන විශාල කථාබහක් ඇති විය.
සමාජ මාධ්‍ය තුළින්ම වීරත්වය ගොඩනගාගෙන ටීචර් අම්මා නමින් තමන්ව හඳුන්වාගනිමින් සිය අන්තර්ජාල ඉගෙනුම් ව්‍යාපාරය කරගෙන ගිය හයේෂිකාට මෙම ප්‍රචාරය දැඩි අවාසියක් ඇති කළ අතර ඊයේ වනවිට වාර්තා වන්නේ,
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුවත් කිරීමට පෙර මාධ්‍යයට අනාවරණය කළේ යැයි කියා ඒ සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එම විනය පරීක්ෂණය පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කොට ඇතැයි වාර්තා වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැඩබලන පොලිස්පතිවරයා එම නියෝගය කොට ඇතැයි ද වාර්තා වේ.
හයේෂිකා ප්‍රනාන්දු මෙම සිද්ධිය නිසා සැඟව සිට නීතීඥ බලැණියක් සමග උසාවියට භාරවී පැය කිහිපයකින් ඇප මත නිදහස්වූ අතර ඇය තම තේජස පෙන්වා නීතියෙන් ගැලවෙන්න උත්සාහ කරන බවට තරුණයාගේ මව හා සොයුරිය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.
මේ වනවිට රෝහල්ගතව සිටි 21 හැවිරිදි තරුණයා නිවසට ගොස් ඇති අතර පහරකෑමෙන් පසු ඔහුට අතවර චෝදනාවක් ගොනු කිරීම නිසා ඔහුට නැවත අද (21) එම නඩුවට පෙනී සිටීමට සිදුව ඇත.
හයේෂිකා ප්‍රනාන්දු සැගව සිටීමේ සිට මේ දක්වා ඇතැම් පුවත්පත් මෙම සිද්ධිය වාර්තා කරන ආකාරය පරස්පර ස්වරූපයක් පෙන්වන අතර හයේෂිකාගේ වරද යටගැසීමේ ප්‍රයත්නයක් හා තරුණයා වරදකට පැටලීමේ උත්සාහයක් පවතින බව විවේචන මතුව ඇත.
හයේෂිකා වරදකට හසුවීම ප්‍රසිද්ධ කිරීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයාට පවා විනය පරීක්ෂණයක් මතුවීම කැපී පෙනෙයි.
තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට හානි කළ පහරදීමක් කළ හයේෂිකා, ඇගේ සැමියා හා කළමනාකරු ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත දැන් නිදහස්ව සිටින නමුත් යළිත් සැප්තැම්බර් 14 වැනිදා ඊළඟ නඩුවාරයට පෙනී සිටීමට නියමිතය.
Saru FM Media