හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබේ.
ඒ අනුව යෝගට් එකක මිල රුපියල් 10කින්ද මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින්ද මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 60කින්ද මිල පහළ දමා තිබේ.
එම මිල පහළ දැමීම අනුව රුපියල් 80ක්ව පැවති හයිලන්ඩ් යෝගට් එක්ක රුපියල් 70ක්ද රුපියල් 225ක්ව පැවති මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 200ක්ද රුපියල් 440ක්ව පැවති මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 380ක්ද ලෙස නව මිල සටහන් වේ.
මිල්කෝ සමාගම පවසන්නේ, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30කින් පහළ දමා ඇති බවය.
Saru FM Media