‘හයිබ්‍රිඩ් සුරංග’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

0
5

ඩුබායිහි සැඟව සිටින ‘හයිබ්‍රිඩ් සුරංග’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රමේෂ් කුමාර නම් පුද්ගලයෙක්ය.

ඔහු මනුෂ්‍ය ඝාතනයට අදාළව මීට පෙරද බන්ධනාගාර ගතව සිටි අයෙක් වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද ඇපමත සිටින අයෙකු වේ.

සැකකරු ගාල්ල බෝපේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 45ක් සොයාගෙන ඇත.

එමෙන්ම ඔහුගෙන් රඳවාගැනීමේ නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here