හමාස් , ට්‍රම්ප් ට බාගෙට එකඟ යි !

0
2

ඇමරිකානු ජනධිපතිවරයා විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇත.

එසේම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයත් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය.

ඊයේ (3දා) අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා (හෙට) ග්‍රිනිච් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවය.

මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස්කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් භාරදීමට යෝජනා කර තිබුණි.

ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කරගැනීමට විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here