හබල පෙති රසවත්ව හදමු.

0
11


අද මං අරන් ආවේ අතීතයේ අපි බොහෝ විට අපේ ආහාරයට එකතුකරගත් ඒත් දැන් දැන් අපෙන් ගිලිහී යන හබල පෙතිය. ඉතා ප්‍රෞඩ ඉතිහාසයක්,සංස්කෘතියක් හා ආහාර රටාවක් තිබූ ජාතියක් වූ අපි අද වන විට චූං පාන් කාරයාගේ පිටුපස දිවීම දක්වා වන තැනට අපි වැටුනේ කෙසේද යන්න අපි නැවත් නැවතත් සිතියයුතු නොවේද?? අපිට වැරදුනේ කොතනද යන්න සිතුය යුතු නොවේද?? ඉතිං අපේ කෑම ඔබවෙත නැවත නැවතත් ගෙන ඒමේ මගේ උත්සාහයයි.
අපි කුඩාකාලයේ හබල පෙති වලට පොල්, ලුනු , රතුලූණු , අමුමිරිස් දමා අපේ අම්මා කන්නට දුන්නාය. අපේ නංගී හබලපෙති කෑමට අදිමදි කරන විට අම්මා එයට සීනි ටිකක් එක්කර ඇයට කැවූ හැටි මට තවමත් හොඳින් මතකය. අම්මා මේතරම් ඒ කෑම අපිට කැවීමට මහන්සි වූයේ ඇයිද යන්න වැටහුනේ අපි ලොකුවී එහි ඇති ගුණ ගැන දැනගත් විට. ලංකාවේ දී පොල් දමා කෑමට පුරුදු වී සිටි මේ හබල පෙති වෙනස්ම විදිහකට ඉතා රසවත් ආකාරයට හදාගත හැකිබව මා දැනගත්තේ මේ රටේදී මීට අවුරුදු 9 පමණ පෙර මට හමුවූ අදටත් මගේ හොදම මිතුරියක වන මගේ ඉන්දියානු මිතුරියකගෙනි. මීට කලිනුත් මා මේ විදිහටම හබලපෙති හදා ගෙන ආවත් නැවතත් ගෙන එන්නට සිතුවේ කාලෝචිත යැයි හැගුණ නිසාය.

හබල පෙති යනු සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. එය හොඳ කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයක් වන අතර යකඩ වලින් හා තන්තු වලින් පොහොසත් වේ, ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යවශ්‍ය විටමින් බහුල ප්‍රභවයක් වන එහි ග්ලූටන් රහිත ය. දියවැඩියාව, සම සහ හෘදයාබාධ ඇති අයට එය හොඳ ආහාරයකි. හබල පෙති උදේ ආහාරයට වඩා සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හබලපෙති මෙෂරින් කප් 2
  • බොම්බයිලූණු ගෙඩි 1 1/2
  • මුං පරිප්පු මේසහැදි 1
  • කඩල පරිප්පු මේසහැදි 1
  • අඹඇට තේහැදි 1/2
  • කහකුඩු තේහැදි 1/2
  • සුදුලූණු බික් 2
  • පොඩි ඉගුරු කැබැල්ලක්
  • ගී හෝ තෙල් තේහැදි 1
  • කජු හෝ රටකජු
  • කරපිංචා
  • රම්ප
  • රස අනුව ලුනු

සාදන ආකාරය;

පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා එයට ගී දමා ගී රත්වූ පසු එයට අඹ , මුං පරිප්පු හා කඩල පරිප්පු දමා හැදිගාමින් බැද ගන්න. පරිප්පු යන්තම් ‍රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට කපාගත් බොම්බයිලූණු , සුදුලූණු , ඉගුරු , අමුමිරිස් , කරපිංචා හා රම්ප දමා ලූණු ටික යන්තම් බැදෙනු පසු එයට කහකුඩු හා ලුනු දමා හොඳින් කළවම් කරන්න. පසුව එයට කජු ටික එක්කර හැදිගාමින් තවත් විනාඩියක් පමණ පිසගන්න. පසුව හබලපෙති ටික එක්කර හොඳින් කළවම් කරමින් තවත් විනාඩියක් පමණ පිස දැන ඔව කැමති ආකාරයකට පිළිගන්වන්න.

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

ප්‍රියාශා ඩයස් 
Craft of spice and sweet



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here