හදිසි තෙල් අර්බුදයකට චීනය සුදානම් වූ හැටි හෙළි වේ! – Saru News | සිංහල

0
3

ඉරාන-ඇමරිකානු යුද්ධය හේතුවෙන් මේ වන විට දැවැන්ත තෙල් හා ගෑස් අර්බුදයකට ලෝකය මුහුණ දෙමින් සිටින අවස්ථාවක චීනය සිය උපායමාර්ගික සංචිත සමඟ හදිසියේ ඇති විය හැකි තෙල් කම්පනයට සූදානම් වූ ආකාරය පිළිබඳව විදේශ මාධ්‍ය වල දැඩි කතා බහට ලක් වී තිබේ. ඉරාන යුද්ධය ගෝලීය බලශක්ති අර්බුදයක් පිළිබඳ බියක් ඇති කරන විට, චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පසුගිය වසර 20 පුරා තෙල් සංචිත ගබඩා කර ඇත. බීජිං විසින් අනුගමනය කරන ලද දිගුකාලීන උපාය මාර්ගයක ප්‍රතිඵලයක් ලෙස බටහිර රටවල හා ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව චීනයේ තෙල් සඳහා දිගු තෙල් පෝලිම් දක්නට නොලැබෙන බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි.

 බීජිං හි සිනොපෙක් ඉන්ධන සංස්ථාව සතුව “එහි උපායමාර්ගික සංචිතවල බොරතෙල් බැරල් බිලියන 1.4 ක් පසුගිය වසර 20 පුරා ගබඩා කිරීමට චීනය සමත් වී තිබේ. චීනයේ මෙම උපක්‍රමික හා පෙර දක්නා සැලසුම සම්බන්ධයෙන් සිංගප්පූරු දිනපතා ලියන්හේ සාඕබාඕ විසින් සොයා ගන්නා ලද බැරල් ප්‍රමාණය එසේ වුවත් එම අගය මීට වඩා වැඩිවීමට පුළුවන් බව එම පුවත්පත අවධාරණය කර සිටි.

“මැදපෙරදිගින් ආනයනය කරනු ලබන චීනයේ සියලුම බොරතෙල් සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබුවද මාස හයක පමණ සැපයුම් පරතරයක් පිරවීමට මෙය ප්‍රමාණවත් වනු ඇත,” යයි ඇමරිකානු කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ගෝලීය බලශක්ති ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ පර්යේෂක එරිකා ඩවුන්ස් මාධ්‍ය වෙත පැවසුවාය.

“එවැනි පරිමාවක් අහම්බයක් නොවේ. ආර්ථික දැවැන්තයෙකු වන නමුත් තෙල් හා ගෑස් සම්පත්වලින් සාපේක්ෂව දුප්පත් චීනය, මැද පෙරදිග යුද්ධයේ බලපෑම්වලට විශේෂයෙන් ගොදුරු වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. චීනය පසුගිය වසර 20 තුළ තම උපායමාර්ගික සංචිත ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි ගොඩනඟා නැවත පුරවා ඇත්තේ මෙවැනි කාලයකට සූදානම් වීම සඳහා වේ” යයි ඔවුන් තවදුරටත් පවසා සිටි.

ඔක්ස්ෆර්ඩ් බලශක්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂකයෙකු වන මයිකල් මීඩන් ද ඇමරිකාවේ පලවන වෝල් ස්ට්‍රීට් පුවත්පතට සඳහන් කළ පරිදි, මෙම තෙල් ගබඩා කිරීම හා බලශක්තිය විවිදංගිකරණයකට ලක් කිරීමෙන් චීනයට “සැලකිය යුතු ආරක්ෂිත ආන්තිකයක්” ලබා දී ඇතැයි පවසා සිටි.

මෙම උපක්‍රමික සැලසුම ලෝකයේ සියලුම තෙල් හා ගෑස් නොමැති රටවලට ආදර්ශයක් යයි ඔවුන් තව දුරටත් පවසා සිටි.

කෙසේවෙතත් ලොව විශාලතම තෙල් ආනයනකරු ලෙස චීනය මැදපෙරදිග ගැටුමෙන් සෘජුවම පීඩාවට පත්ව සිටී. හයිඩ්‍රොකාබන් පිළිබඳ විශේෂඥ උපදේශන සමාගමක් වන කේප්ලර්ට අනුව, බීජිං එහි තෙල්වලින් 56% ක් සහ ද්‍රව ස්වාභාවික වායු (එල්එන්ජී) වලින් 32% ක් කලාපයෙන් මිලදී ගනී. කේප්ලර්ට අනුව, 2025 දී වෙනිසියුලාවෙන් ආසන්න වශයෙන් 4% ක්  චීනය මිලදී ගත් අතර මැදපෙරදිග කලාපය තුළ ඉරානයෙන් පමණක් තෙල් මිලදී ගැනීම්වලින් 13.5% ක් ලබා ගනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එසේම ඉරානය චීන නැව් සඳහා ඔර්මුට්ස් සමුද්‍ර සන්ධියෙන් තෙල් ආනයනයට අවසර දී ඇති අතර ඒවා යුවාන් මගින් ගෙවන ලෙස ඉල්ලීමෙන් ඇමරිකාවේ පෙට්‍රෝ ඩොලරය ට ද අභියෝග කර ඇත.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here