හදිසියේ සින්ක් එක හිර වුණොත් මෙන්න විසඳුම්.

0
15


මුළුතැන්ගෙයි තියන ප්‍රධානම ගැටළුවක් තමයි සින්ක් එකේ වෙන අවහිරතා. සින්ක් එක හිරවීම නිසා වතුර බැසීමේ ගැටලු ඇති වීම ගෘහණියන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරන්න හේතු වෙනවා.

ඒත් මේ ගැන අවුල් වෙන්න හේතුවක් නෑ. ඔබට ඒ තත්වය ස්මාර්ට් විදියට විසඳා ගන්න මෙන්න මෙහෙම පුලුවන්.

බේකින් සෝඩා සහ ලුණු සින්ක් කට මත හලා ගන්න.
විනාකිරි කෝප්පයක් රත් කර ඒ මතට වක් කරන්න.
ඉන්පසු පැය බාගයකට පසු උණු වතුර නළයට වත් කරන්න.

මෙය බරපතල අවහිරතා වලට කදිමයි.

මේ හැරුණු විට Plunger, Drain snake ආධාරයෙන් ද ඔබට අවහිර වූ නල පිරිසිදු කර ගන්න පුලුවන්. නැතිනම් වෙළඳපොළේ ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රවේසම් සහිතව පාවිච්චි කරන්න පුලුවන්.

හැබැයි ඔබ අමතක නොකළ යුතුම කාරණාව තමයි මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සින්ක් එකට හලන්න එපා.ඒවා නිසි පරිදි බැහැර කරන්න. නැත්නම් ඒවා නළයේ සිරවී ඔබේ වැඩ දෙගුණ තෙගුණ කරනවා මයි. මුළුතැන්ගෙයි සින්ක් එක මත කුඩා ඇලුමිනියම් පෙනේරයක් තබා ගැනීමෙන් ආහාර කැබලි ආදිය නළයේ සිරවීම වළක්වා ගන්න ඔබට පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here