හදිස්සි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ගේන්න කැබිනට් අනුමැතිය

0
3

හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවා ඇති බවත් ලංකා ගල් අඟුරු සමාගම කියා සිටී.

අවශ්‍යතාවක් ඇති වුවහොත් මිලදී ගැනීම් කඩිනමින් සිදු කිරීම සඳහා මෙලෙස හදිසි මිලදී ගැනීමේ යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව පැවසේ.

එසේම මෙරටට ගෙන්වූ ගල් අඟුරු නැව්ගත කිරීම් බොහොමයක් මූලික තත්ව පරීක්ෂාවෙන් අසමත් වී ඇති අවස්ථාවක බලශක්ති අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියා මාර්ගයක් ලෙස මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය – ලංකාදීප

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here