හඬපට එළියට එනවා! සල්ලිවලට මන්ත්‍රීලා බාගැනීම ඇරඹේ! කොළඹ කෝටි 2යි! ගමේ ලක්ෂ 25යි! විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා..! ආණ්ඩුවෙන් විපක්ෂයට චෝදනා..! I Sri Lanka Latest News

0
2


පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා 170කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ආණ්ඩු පක්ෂයට නොලැබී යෑම හේතුවෙන් විවිධ පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් එක්කොට ගෙන සභාවේ බලය පිහිටුවීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක වන ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය මේ වනවිට සාකච්ඡා ආරම්භ කොට ඇත.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ආණ්ඩුවට බරපතළ චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදීමට යෝජනා කොට ඇති බවකි.

මෙහිදී එක් මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි 2 බැගින් ලබාදීමට යෝජනා වී ඇති බවද මරික්කාර් මන්ත්‍රීවරයා අනාවරණ කර සිටියේය.

මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද පසුගිය සතියේ අනාවරණ කර සිටියේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ආණ්ඩුව මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම ආරම්භ කොට ඇති බවත්, එක් මන්ත්‍රීවරයකුට ලක්ෂ 25ක මුදලක් ලබාදෙන බවට යෝජනා කර ඇති බවත්ය.

ඊට අදාළ හඬපට පවා පවතින බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත එම හඬපට රටට අනාවරණ කිරීමට විපක්ෂය සූදානමින් සිටින බවත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් විපක්ෂය විසින් මේ ආකාරයට ආණ්ඩුවට චෝදනා එල්ල කරද්දී, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේදී කටයුතු කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ඊට අදාළ සියලු දෙනා අල්ලා හිරේ දැමීමට ආණ්ඩුව නොපැකිලෙන බවත්ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here