ඇමරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් හෙලිකොප්ටරටේ සිටි 06 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිටිසක් ගමන් ගත හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, නියමුවා හැරෙන්න සෙසු පස්දෙනාම එම පවුලේ සාමාජිකයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මියගිය අය අතර කුඩා ළමුන් තිදෙනෙකුඩා සිටින බවයි වාර්තා වුණේ.
බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙලෙස හඩ්සන් ගඟට කඩා වැටී ඇති අතර, අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැහැ.
අනතුරින් පසු හතරදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගතකර අවස්ථාවේ දී මියගොස් ඇති බවයි නිව්යෝර්ක් පොලිසිය පැවසුවේ.
මේ අතර නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මියගිය ඥාතීන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි.
Saru FM Media