නිශ්මං රණසිංහ පෙබරවාරි 18, කොළඹ LNW
තායිලන්තයේ පැවත්වෙන් නැඟී එන ආසියානු කාන්තා කණ්ඩායම් අතර විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සත්කාරක තායිලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 23 ක ජයක් ලබා ගන්නට සමත් වුණා.ප්‍රබල සටනක් දෙමින් අවසාන මොහොත දක්වාම බංගලාදේශයට එරෙහි තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළ තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉණිමක් දියත් කළ උප නායිකා හංසිමා කරුණාරත්න පන්දු 53 දී නොදැවී ලකුණු 62 ක් රැස් කරන්නට සමත් වීම ශ්‍රී ලංකාවට,තායිලන්තය පරාජය කිරීමේ හැකියාවේ ඉඩ කඩ සකසා දුන්නා.
ශ්‍රී ලංකාවට ලකුණු 17 දී පළමු කඩුල්ල ලෙස ලකුණු 3 ක් ලබා සිටි නායිකා අනුශ්කා සංජීවනීගේ කඩුල්ල අහිමිව යාමෙන් පසුව පිටියට පිවිසි හංසිමා,එතැන් සිට තරගය නිමාවන තුරුම නොදැවී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී සේවයක් කරනු ලැබුවා.සිව්වන කඩුල්ල වෙනුවෙන් අමා කාංචනා (26) සමඟ ලකුණු 44 ක් රැස් කළ හංසිමා,එන් අනතුරුව ලකුණු 10 ක් පමණක් රැස් කළ ෂයානි සේනාරත්න සමඟ පස්වන කඩුල්ලට ලකුණු 46 ක් එක් කළේ ප්‍රහාරයේ සියළු වගකීම් තමන් වෙත පවරා ගනිමින්.
තායිලන්ත පිළිතුර ඉණිම පහසු වුණේ නැහැ.විශේෂයෙන් පවර් ප්ලේ කාලය තුළ තායිලන්ත ආරම්භක පිතිකාරිණියන් දෙපළ වේගවත් ආරම්භයක් ලබා ගත් අතර පළමු කඩුල්ලේ සබඳතාවය පන්දු ඕවර් 8.1 ක් තුළ ලකුණු 50 ක් දක්වා ඔසවා තැබුවා.දරුණුම ප්‍රහාරය එල්ල කළ නට්තාකාන් චන්තම් පන්දු 49 දී ලකුණු 57 ක් ලබා ගත්තේ පස්වන කඩුල්ල ලෙස දැවී යන තෙක් පිටියේ සිටිමින් තායිලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින්.එහෙත් ආරම්භක කඩුල්ලට ලකුණු 24 ක් ලබමින් අපිහිසරා සුවන්චොන්රාටි ලබා දුන් සහය ඇයට වෙනත් පිතිකරුවන්ගෙන් ලබා ගන්නට නොහැකි වුණා.
පන්දු යැවීමේදී යළිත් සාර්ථක වූ සචිනි නිසංසලා ලකුණු 23 ට කඩුලු 2 ක් දවා ගත් අතර සත්‍යා සංදීපනී ලකුණු 20 කඩුලු 2 ක් ලබා ගන්නට සමත් වුණා.පන්දු ඕවර් 19.2 දී තායිලන්ත ලකුණු පූවරුව කඩුලු 9 ට ලකුණු 110 ක් ව තිබියදී ශ්‍රී ලංකාවට ලකුණු 23 ක ජයක් හිමිවෙමින් නිමාවට පත් වුණා.

The post හංසිමාගේ ප්‍රහාරයෙන් තායිලන්තය පරාජය වේ appeared first on LNW Sinhala.
Saru News








