හංවැල්ල – කොළඹ මාර්ග අංක 143 පෞද්ගලික බස්රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල – කොළඹ බස්රථ සේවකයින් සමග ඇතිවූ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන් වේ.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ මහතා පැවසුවේ ගැටලුවට මුල් වූ පාර්ශව සාකච්ඡාවක් සඳහා කැදවා ඇති බවය.
අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත එම සාකච්ඡාවෙන් අනතුරුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Saru News
















