සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක

0
7

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් වසර හතකට පසු ධවල මන්දිරයේ සංචාරයකට එක් වී තිබේ.

2018 දී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ සම්බන්ධතාව පිළිබඳ එහිදි මාධ්‍යවේදින් ප්‍රශ්න කරන්නට විය.
 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට ප්‍රතිචාර දක්වමින් සෞදි ඔටුන්න හිමි කුමරු ඊට සම්බන්ධතාවක් නොමැති බව අවධාරණය කළ අතර සල්මාන් කුමරු පවසා ඇත්තේ එවන් වරදක් නැවත සිදු නොවීමට සෞදිය වගබලා ගන්නා බවයි. 

නමුත්,  2018 දී ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයේදී කෂෝගිගේ මරණයට හේතු වූ මෙහෙයුම ඔටුන්න හිමි කුමරු විසින් අනුමත කර ඇති බව තීරණය කළ 2021 දී එක්සත් ජනපද බුද්ධි තක්සේරුවකට ට්‍රම්ප්ගේ අදහස් පටහැනි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සංචාරය අතරතුර දෙරට අතර ආරක්ෂක මිලදීගැනීම්, සිවිල් න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ කෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජන සිදුකිරීම් වැනි අංශ සම්බන්ධ එකඟතා ඇතිකරගනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කරයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here