සෞඛ්‍ය සම්පන්න දිවියකට උදවු වන මැටි ගුරුලේත්තුව

0
4

අතීතයේ දී සීතලට වතුර බොන්න මැටි කළයක්, ගුරුලේත්තුවක් වැරදුණේ නැත. ස්වභාවික ජලය වඩාත් සිසිල්කර ලබාදෙන උපකාරි වන අලංකාර ගෘහ භාණ්ඩයක් වන ගුරුලේත්තුව නැවතත් භාවිතයට එක් වෙමින් පවතියි.

බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. මේ හැර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩි දෙනකු තුළ වැටහීමක් නොමැති වීම නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් තිබේ. මැටි ගුරුලේත්තුවක් සතු විශේෂත්වය වන්නේ ජලයේ ඇති විෂ බැර ලෝහ, රසායන ද්‍රව්‍ය හා ක්ලෝරීන් උරාගැනීමේ හැකියාව සහ ජලයේ නියමිත මිනරල් සංයුතියද පවත්වා ගෙන යාමට උපකාරී වීමයි.  එසේම ගුරුලේත්තුවෙහි ඇති සියුම් සිදුරු තුළින් අවට ඇති උෂ්ණත්වය මඟින් ඇතුළත ඇති ජලය වාෂ්ප වන අතර  එමඟින් ඇතුළත ඇති ජලය සිසිල් වෙයි. මේනිසා නිවසේ දී පානය සඳහා ගන්නා වතුර තැබීමට වඩාත් සුදුසු වන්නේ ප්ලාස්ටික් වලින් සැකසූ ගුරුලේත්තුවක් නොව මැටිවලින් සෑදූ ගුරුලේත්තුවකි. එමෙන්ම ස්වභාවික මැටියෙන් තැනූ ගුරුලේත්තු වලින් පරිසර හානියක් සිදු නොවේ.

කුඩා පවුලක ප්‍රයෝජනයට ගුරුලේත්තුවක් භාවිත කිරීමේදී නම් සය මසකින් පසු එම බඳුන සතු උරා ගැනීමේ ශක්තිය අඩුවන අතර එම කාලයෙන් පසු නැවතත් එම බඳුන හොඳින් පුළුස්සා භාවිතා කළ යුතුවේ. ගෙදරදීම හෝ මැටි බඳුන් පුළුස්සන ස්ථානයකට භාර දී පුළුස්සා ගැනීමෙන් ගුරුලේත්තුව නැවත යථා තත්ත්වයෙන් භාවිතයට ගත හැකියි. නිරතුරුවම හොඳින් පිරිසිදු කර ඉර එළියේ දමා හොඳින් වියළා ගැනීමෙන් ගුරුලේත්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව භාවිතා කල හැක.

මුත්‍රා ආසාදන,  ගැස්ට්‍රයිටිස්, මුත්‍රා ගල්, මලබද්ධය ආදී රෝග රැසකින් වැළකෙන්නට නම් නිතරම ජලය වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීම අත්‍යාවශයි. මැටියෙන්  සකසන ලද ගුරුලේත්තුවක් තුළ ඇති ශීතල ජලය අපූරු සුවදායී බවකින් යුතු හෙයින් ජලය නිතර  පානය කිරීම අමතක නොකරනු ඇති අතර එය ඔබෙ නිරෝගී කරනු ඇත.

– කල්හාරී –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here