සෞඛ්‍යාරක්ෂිතව බර වැඩි කර ගන්න නිවැරදි ක්‍රමය

0
9


ඔබේ ශරීරයේ බර හැමදාම එකම විදිහට පවතින්නේ නැහැ. ඔබගේ ආහාර රටාව සහ ජිවන රටාව අනුව එය බොහෝ වෙලාවට වෙනස් වන්නට පුළුවන්. නමුත් සමහර වෙලාවට සෞඛ්‍යමය හේතූන් මතත් ඔබේ ශරීරයේ බර වෙනස් වන්නට පුළුවන්. කොහොම වුණත් ඔබේ ශරීරයේ බර අඩු නම් , ඒ බර වැඩි කරගන්න පුළුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තියෙනවද ? ඇත්තටම ඔව්.එහෙනම් ඒ මොනවද කියල අපි බලමු

මේ කියන්නේ ඔබට නිතර නිතර කෑම කන්න කියලා නම් නෙමෙයි.
ඔබේ බර වැඩි කර ගැනීමට නම් ඔබ යම් කැලරි ප්‍රමාණයක් සෞඛ්‍යාරක්ෂිත ලෙස ශරීරයට එකතු කරගත යුතුයි. ඒ නිසා ඔබේ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව තව ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබාගන්න ඔබට පුළුවන්. මේ ආහාර වේල් වලට පලතුරු , ආමන්ඩ් වැනි ඇට වර්ග , සලාද වර්ග හෝ වෙනත් ධාන්‍යමය ආහාර වර්ගයක් එකතු කරගන්න ඔබට පුළුවන්.

ඔබට ඔබේ ආහාර වේල් වලට අමතරව විවිධ පාන වර්ග පරිභෝජනය කරන්නට පුළුවන්. කැලරි සහිත පාන වර්ග, තේ හෝ කෝපි වලට වඩා සම්පූර්ණ මේද සහිත කිරි , පළතුරු යුෂ හෝ එළවළු යුෂ, ස්මූති වර්ග ඔබට පානය කළ හැකියි.

ක්ෂණික ආහාර , සැකසූ ආහාර සහ තෙල් අධික ආහාර පරිභෝජනය කිරීම මගින් ඔබේ ශරීරයට අධික කැලරි ප්‍රමාණයක් එකතු වී ඔබේ බර වැඩිවන බව ඔබ දන්නවා. එසේ වූ පමණින් බර වැඩි කර ගැනීමට උත්සාහ කරන ඔබට මෙවැනි ආහාර පරිභෝජනය කරන්නට බැහැ. එය ශරීරයට ඉතාම අහිතකර තත්ත්වයන් ඇතිකළ හැකියි. ඒ නිසා එවැනි ආහාර වලින් වැලකීමට ඔබ අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුය.

බර වැඩි කර ගැනීමට උත්සාහ කරන ඔබට ආහාරයට ගැනීමට හැකි නිවැරදි සහ සෞඛ්‍යය සම්පන්න ආහාර වර්ග බොහෝමයක් තිබෙනවා.ඒවායේන් ඔබේ ශරීරයට කිසිම අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නැති නිසා ඔබට අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම සියලුම එළවළු සහ පලතුරු අඩු කැලරි සහිත ඒවා නොවන නිසා අඹ , අලිගැටපේර , වැනි ඝන පලතුරු , අර්තාපල් , ඉරිඟු , වැනි පිෂ්ඨය සහිත ආහාර ද , සැමන් වලින් මේද සහිත මාළු ද අනිවාර්යෙන්ම ඔබේ ආහාර වේලට එකතු කර ගන්න

සෞඛ්‍ය ආරක්ෂිත ලෙස බර වැඩි කර ගැනීමට උත්සාහ කරන ඔබටත් ඕනෑ තරම් සුප් පානය කරන්න පුළුවන්. මේවාට ඔබ කැමති එළවළු වර්ග , මස් මාලු වර්ග , බිත්තර හෝ ඉරිඟු ආදී ඕනෑම දෙයක් එකතු එකතු කළ හැකියි.

කැලරි අඩු යැයි සිතූ පමණින් ඔබ සලාද ආහාරයට ගැනීම නවත්වන්නට අවශ්‍ය නැහැ. ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද , අලිගැටපේර , චීස් , ඇට වර්ග සහ බීජ , ඇපල් , පෙයාර්ස් වැනි පලතුරු වර්ග වලින් සකස් කල සලාද වර්ග ඔබට උත්සාහ කරන්නට පුළුවන්.

චීස් කියන්නේ කැලරි වලින් පොහොසත් ආහාරයක්. ඒවායේ ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ තිබෙනවා. බර්ගර් වර්ග , සැන්විච් වර්ග, සලාද වර්ග ,omlet වර්ග ආදී විවිධ ආහාර වලට එකතු කර ඔබට චීස් ඔබේ ආහාරයට එකතු කරගන්න පුළුවන්.

සෞඛ්‍යාරක්ෂිත ලෙස බර වැඩි කර ගැනීමට උත්සාහ කරන ඔබට ඒ සඳහා සුදුසු ව්‍යායාමවල නිරත වීම කරන්නත් ඕනේ. යෝගා , බර පුහුණු කිරීම් , දිවීම ,බයිසිකල් පැදීම සහ තවත් ව්‍යායාම ඔබ කළ යුතුයි. ඒ සඳහා පුහුණු උපදේශකවරයකුගේ සහාය ඔබට ලබාගත හැකිය.

මීට අමතරව ,

ඔබේ ස්මූතීස් සඳහා සම්පූර්ණ යොදය සහිත කිරි , ප්‍රෝටීන් කුඩු , රටකජු බටර් හෝ යෝගට් වැනි අමුද්‍රව්‍ය එකතු කරන්න

කුකුළු මස්, මාළු, මස්, බිත්තර, ඇට වර්ග, බෝංචි සහ ටෝෆු වැනි ප්‍රෝටීන් බහුල ආහාර තෝරන්න.

දිනකට අවම වශයෙන් 5-6 වතාවක් කුඩා ආහාර හෝ කෙටි ආහාර අනුභව කරන්න.

ඔබට කුසගින්න දැනෙන්නේ නැතත් සෑම පැය 2-3 කට වරක් කන්න.

ඔබට කෑම මතක් කිරීමට ටයිමරයක් සකසන්න.

ඔබට බඩගිනි දැනෙන ඕනෑම වේලාවක කන්න

නිවසින් බැහැරව සිටින විට, ග්‍රැනෝලා බාර්, රටකජු බටර් ක්‍රැකර්ස්, චීස් හෝ ඇට වර්ග වැනි කෙටි ආහාර ඔබ ළඟ තබා ගන්න

සිහින් මාංශ පේශි ගොඩනැගීමට ශක්තිමත් පුහුණු අභ්‍යාස භාවිතා කරන්න.

මේ ක්‍රම භාවිතා කරලා සෞඛ්‍යාරක්ෂිත ලෙස බර වැඩි කරගන්න ඔබට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here