සෝයා මීට් වලට බයවුන කාලෙ ඉවරයි…

0
2

ගෙදරම  රසට පිරිසිදුවට  සොයා මිට්  ටිකක්  ගෙදර හදා  ගන්න තිබුණා  හරිම වටිනවා. වෙලා තියෙන වෙලාවට සොයා මිට්  ටිකක් හදලා  තියා  ගන්න පුලුවනි. එහෙම  හදල සුළං නොවදින  ලෙස බෝතලයකට  දමා තියා ගන්න. අවශ්‍ය  වෙලාවට පාවිච්චියට ගන්න පහසුයි.. සතියට දවසක් බය නැතිව, රසායනික ද්‍රව්‍ය වලින් තොරව  පවුලේ පරිහරණය ට ගන්න විතරක් නෙවේ තෑගි දෙන්නත් කදිමයි.

අවශ්‍ය දේවල්:

  • සොයා  ඇට  1kg
  • කොත්තමල්ලි  තේ  හැදී 1ක්
  • සුදුරු  කුඩු තේ  හැදී  1ක්
  • මාදුරු  කුඩු තේ හැදී 1ක්
  • අසමෝදගම්  කුඩු  තේ  හැදී 1ක්
  • (ලුණු  ටිකක් අවශ්‍ය  නම් )

කුළු බඩු නැති ඒවා  තමයි කඩවල තියන්නේ. මේ  විදිියට ගොඩක් රසයි!!!

සාදන  ක්‍රමය:

සොයා ඇට  ටික  රැයක්‌ම  පොගවා  ගන්න. වතුර බේරාගත්  සොයා ඇට  වලට අනිත් ද්‍රව්‍ය ටිකත්  එකතු  කර ගන්න. එය අඹරා ගන්න. පසුව  තැටියක්  අඩුම ගින්දරේ  තබා  ගන්න. සොයා  මිශ්‍රනෙන් පොඩි  පොඩි බෝල සදා  තැටිය උඩ  තබා හිමින් වෙලා  ගන්න. ලංකාවේ නම් අවුවට  තබා වෙලා ගන්න පුළුවන්.අවන් එකෙත් අඩුම  රස්නෙන්  වියලා  ගන්න පුළුවන්.

– ඉරේෂා –

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here