නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW:
චැම්පියන්ස් පාපන්දු ලීගයේ සුපිරි අට දෙනාගේ වටය ජනවාරි 30 දා ඇරඹි අතර එදින සහ 31 වන දා තුරඟ තරග පිටියේ දී තරග හතරක් පැවත්වුණා.එම තරගවල ප්‍රතිපල අනුව පෙරමුණ ගන්නට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සමත්ව තිබෙන අතර ඔවුන් සුපිරි අට වටයේදී ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට එරෙහිව ගෝල 4-1 ක් ලෙස ජය වාර්තා කරන්නට සමත් වුණා.
එම දෙදින පැවත් වූ තරග අතරින් ජය පරාජය නොවිසඳුණු තරගය බවට පත් වූයේ ජාවාලේන් සහ පෙලිකන්ස් කණ්ඩායම් අතර පැවති තරගයයි.එහිදී දෙපිළම ගෝල 1 බැඟින් ලබා ගත් නිසා තරගය සමව අවසන් වුණා.
සෙන්ට් මේරීස් සහ සෙරන්ඩිබ් කණ්ඩායම් අතර තරගයේ පළමු භාගය දෙපිළටම ගෝල හිමි නොවුණත් යම් ආකාරයකින් සෙන්ට් මේරිස් කණ්ඩායම වඩාත් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබුණා.තරගයේ දෙවන භාගයේදි සෙන්ට් මේරිස් කණ්ඩායම ගෝල 2 ලබා ගනිද්දී සෙරන්ඩිබ් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ එක් ගෝලයක් පමණක් බැවින් තරගයේ ජය 2-1 ක් ලෙස සෙන්ට් මේරිස් කණ්ඩායමට හිමි වුණා.
නිව් ස්ටාර් කන්ඩායම සහ සොලිඩ් කණ්ඩායම් අතර තරගය නිමා වුණෙත් දෙපිළ ගෝල 2-1 ලෙස ලබා ගනිමින්.එහිදී ගෝල 2 ක් රැස් කරමින් පෙරමුණට එන්නට සමත් වුණේ නිව් ස්ටාර් කණ්ඩායමයි.
Saru News










