සොසේජස් සහ මීට් බෝල්ස් ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න!

0
13


සොසේජස්… ඉස්සර නම් එක එක තාලෙන් කෑවට දැන් දැන් සෞඛ්‍ය ගැන හිතන අය ප්‍රොසෙස්ඩ් මීට් එහෙම නැත්නම් සැකසූ මස් වර්ග වලින් ටික ටික ඈත් වෙලා. එහෙම කඩෙන් ගේන සොසේජස් නොකා උන්නට සොසේජස් කන්න ආස අයටයි පොඩි බබාලටයි ගෙදරදීම සොසේජස් හදල දෙන්න මෙන්න සොසේජස් රෙසිපි.  මස් මාංශ කන අයට විතරක් නෙවෙයි, නිර්මාංශ අයටත් ගැලපෙන සොසේජස් රෙසිපි දෙකක්ම තියෙනව.

මුලින්ම කියන්න ඕන මේ සොසේජස් ස්ටීම් කරන්න ලන්ච් ශීට්ස් හෝ ක්ලින්ග් රැප් පාවිච්චි කරන්න අකමැති අයට පුළුවන් කෙසෙල් කොළයක් හෝ කැන්ද කොළයක් වගේ ස්වභාවික කොළයක් පාවිච්චි කරන්න.

 

1. චිකන් සොසේජස්

Image Source – hbhonline.co.uk

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කටු රහිත චිකන් 300g
  2. අමු පහේ තේ හැඳි 1/2
  3. ගම්මිරිස් රස අනුව
  4. ලුණු රස අනුව
  5. මිරිස් කුඩු තේ හැඳි 1/4
  6. චොප් කරගත් ළූණු, සුදුළූණු

 

  • චිකන් වලට ඉහත සියළුම දේවල් එක් කරල හොඳින් අඹරගන්න ( කැබලි නොසිටින ලෙස).
  • ලන්ච් ශීට් හෝ තවාගෙන හතරැස්ව කපාගත් කෙසෙල් කොළයක කෙලවර දිගට සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් දෙපැත්තෙන් ඔතාගන්න (ටොෆියක ආකාරයට).
  • මෙසේ ඔතාගත් සොසේජස් ස්ටීමරයක තබා විනාඩි 10/15ක් ස්ටීම් කරගෙන නිවුණු පසු අධි ශීතකරණයේ තබාගන්න.
  • සතියක් පමණ අධිශීතකරණයේ කල් තියාගන්න පුළුවන්.

 

2. චිකන් මීට් බෝල්ස්

Image Source – justataste.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කටු රහිත චිකන් 300g
  2. අමු පහේ තේ හැඳි 1/2
  3. ගම්මිරිස් රස අනුව
  4. ලුණු රස අනුව
  5. මිරිස් කුඩු තේ හැඳි 1/4
  6. චොප් කරගත් ළූණු, සුදුළූණු, ඉඟුරු
  7. පාන් කුඩු
  8. බිත්තරයක්

 

  • චිකන් වලට පාන් කුඩු සහ බිත්තරය හැර අනික් සියල්ලම එක් කර හොඳින් අඹරා ගන්න.
  • එයට බිත්තරය එකතු කර මිශ්‍ර කරගෙන බෝල සාදාගත හැකි පදමට පාන් කුඩු එක් කර අනාගන්න.
  • හොඳින් අනාගත් පසු කුඩා බෝල සාදාගෙන ස්ටීමර් එකේ අඩියට කෙසෙල් කොළයක් තබා ඒ මත මීට් බෝල්ස් තබා ස්ටීම් කරගන්න.
  • නිවුණු පසු අධි ශීතකරණයේ තබාගන්න.

 

3. පොලොස් සොසේජස්

Image Source – vanducfood.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පොලොස් 400g
  2. ලුණු
  3. ගොරකා
  4. කහ
  5. චොප් කරගත් ළූණු, අමු මිරිස්
  6. රස අනුව ගම්මිරිස් කුඩු
  7. රස අනුව ලුණු
  8. රස අනුව සූදුරු කුඩු
  9. රස අනුව කොත්තමල්ලි කුඩු

 

  • පොලොස් වලට ලුණු, කහ සහ ගොරකා එක් කරල හොඳින් තම්බාගන්න.
  • තම්බාගත් පොලොස් වලට ඉතිරි පහේ සියල්ල එක් කර හොඳින් අඹරාගන්න. පෙර පරිදිම තද වෙන්න ඔතාගෙන ස්ටීම් කරගන්න.
  • නිවුණු පසු අධි ශීතකරණයේ දවස් තුන හතරක් පමණ කල් තියාගන්න පුළුවන්.

 

4. සෝයා මීට් සොසේජස්

Image Source – yumsome.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයා මීට් පැකට් එකක්
  2. රස අනුව ලුණු
  3. රස අනුව මිරිස් කුඩු
  4. රස අනුව ගම්මිරිස් කුඩු
  5. තුනපහ කුඩු තේ හැඳි 1/2
  6. චොප් කරගත් ළූණු, අමුමිරිස්, සුදුළූණු

 

  • සෝයාමීට් ටික හොඳින් තම්බාගෙන වතුර මිරිකා ගන්න. ඒකට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එකතු කරගෙන හොඳින් අඹරාගන්න.
  • පෙර පරිදිම තදවෙන්න හොඳින් ඔතාගෙන විනාඩි 15ක් පමණ ස්ටීම් කරගන්න.
  • හොඳින් නිවුණු පසු අධි ශීතකරණයේ සතියක් පමණ කල් තියාගන්න පුළුවන්.

 

5. පෝර්ක් සොසේජස්

Image Source – omahasteaks.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෝර්ක් 400g
  2. රස අනුව ලුණු
  3. රස අනුව ගම්මිරිස්
  4. රස අනුව මිරිස් කුඩු
  5. දුඹුරු සීනි තේ හැන්දක් හෝ මී පැණි
  6. ගාගත් සාදික්කා කුඩු තේ හැඳි 1/8
  7. තුනපහ කුඩු තේ හැඳි 1/4

 

  • මස් ටික හොඳින් අඹරාගන්න. අවශ්‍ය සියළුම ද්‍රව්‍ය මස් වලට එක් කර හොඳින් අනාගන්න.
  • පෙර පරිදිම ඔතාගෙන විනාඩි 20ක් පමණ ස්ටීම් කරගෙන හොඳින් නිවුණු පසු අධි ශීතකරණයේ තබන්න. සතියක් පමණ කල් තියාගන්න පුළුවන්.

The post සොසේජස් සහ මීට් බෝල්ස් ගෙදරදීම හදාගන්න රෙසිපි මෙන්න! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here