සොරකම් කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් පසුබට වෙන්නේ නැහැ – ඇමති නලින්ද 

0
14


ආණ්ඩුවක් ලෙස ජනතා අපේක්ෂා ඉටුකිරීමට රජය කටයුතු කර තිබෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පානදුර ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් වාද්දුව වේරගම ප්‍රදේශයේ දී පැවැත්වුණා.

ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

නිලන්ති කොට්ටහච්චි , චන්දිම හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට එක්ව සිටියා.

මෙහිදි තවදුරටත් ජනහමුව ඇමතු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ජනතා මුදල් සොරකම් කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් පසුබට නොවන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here