සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ETF) සැලසෙන සේවාවන් ගැන දැනගන්න…

0
8


සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්‍රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා.

1980.අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනතේ විධි විධාන යටතේ පිහිටුවන ලද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පාලනය වන මෙම අරමුදලේ සාමාජික සාමාජිකාවන් හට ඔවුන් වෙනුවෙන් බැර කරන ලද දායක මුදල් ශේෂය,පොලී හා ලාභාංශ සමඟ ආපසු ලබාගැනීමට රැකියාවෙන් ඉවත් වීමේදී හැකියාව ලැබෙනවා.

මෙහිදී විශේෂත්වය වන්නේ සේවක අර්ථසාධක අරමුදල (EPF) මෙන් නොව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ (ETF) ශේෂය ආපසු ලබා ගැනීමට සාමාජිකයන්ට තම වයස අවු:55 සම්පූර්ණ වන තෙක් බලා සිටිය යුතු නැති විමයි.

මීට අමතරව ඔබ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයෙක් නම් සුභසාධන ප්‍රතිලාභ ලෙස ඔබට ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමේ හැකියාව පවතී. බොහෝ දෙනෙක් නොදන්නා එම ප්‍රතිලාභ පිළිබදව ඔබට මූලික දැනුවත් බවක් ලබා දීම අපගේ අරමුණයි. ඒ අනුව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සාමාජිකයෙක් ලෙස පහත දක්වා ඇති ප්‍රතිලාභ ඔබට ලබා ගත හැක.

සාමාජිකයෙකු මිය ගිය විට අරමුදලෙහි ඇති අදාල සාමාජිකයාගේ ගිණුමේ ශේෂය ගෙවිමට අමතරව මරණ ප්‍රතිලාභයක්ද හිමි වේ. ඒ අනුව මියගිය සාමාජිකයා මරණයට මාසයට පෙර මාස හයක් තුල ලබා ගත් වැටුපෙහි සාමාන්‍ය මෙන් පහළොස් ගුණයක් රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ වශයෙන් ප්‍රදානය කරනවා. සාමාජිකයා මිය ගිය දින සිට වර්ෂයක් තුළ නිවැරදිව සම්පුර්ණ කළ ඉල්ලුම් පත්‍රය සාමාජිකයාගේ උරුමකරුවන්. හිමිකරුවන් විසින් ඉදිරිපත් කළ යුතු වනවා.

මෙහිදී සක්‍රීය සාමාජිකයෙකු දවසේ පැය 24 ඇතුළත ඕනෑම මොහොතක හදිසි අනතුරකට ලක් වීමේදී හෝ අංශභාග,පිළිකා,දියවැඩියාව වැනි රෝගයක් හේතුවෙන් නිත්‍ය දුබලතාවයට පත් වී රැකියාවෙන් ඉවත් වුවහොත් මෙම ප්‍රතිලාභය ලබාගත හැක. 

නිත්‍ය දුබලතාවයට පත්වන මාසයට පෙර හය මාසයේ ලබාගත් වැටුපෙහි සාමාන්‍ය මෙන් 24 ගුණයක මුදලක් රුපියල් ලක්ෂ දෙකක උපරිමයකට යටත්ව ප්‍රදානය කරනු ලබනවා. නිත්‍ය දුබලතාවය හේතුවෙන් රැකියාවෙන් ඉවත් විය යුතු අතර නිත්‍ය දුබලතාවය සියයට පනහකට වඩා වැඩි බව වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ විය යුතුය.දුබලතාවය හේතුවෙන් රැකියාවෙන් ඉවත්වී මාස හයක් තුළඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු වනවා.

උපරිමව ලක්ෂ තුනක මුදලක් ලබා දේ.දේශීය හෝ විදේශීය රෝහලක සැත්කම සිදුකරගත හැකියි.

එක් ඇසක් සඳහා රුපියල් නවදාහක මුදලක් ලබා දෙනු ලබන අතර ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අක්ෂි කාචය මිලදී ගැනීමේදි නිකුත් කරනු ලබන මුදල් කුවිතාන්සියේ මුල් පිටපත සහ ශල්‍ය කර්මය සිදුකිරීමට අදාලව රෝහලෙන් නිකුත්කළ රෝග විනිශ්චය තුන්ඩුවේ ෆොටෝ කොපි කල පිටපතක් සහතික කර ඉදිරිපත් කළ යුතුයි.

සාමාජිකයන්ගේ දූ දරුවන් අතරින් දිස්ත්‍රික් පදනමින් උපරිම ලකුණු ලබාගත් දූ දරුවන් වෙනුවෙන් රුපියල් පහළොස් දහස බැගින්වූ ශිෂත්ව9000 ක් වාර්ෂිකව ප්‍රදානය කරනු ලැබේ.

ලබාදෙන උපරිම මුදල ලක්ෂ තුනකි.දේශීය හෝ විදේශීය රෝහලක සැත්කම සිදුකළ හැකියි.

ජාතික සංවර්ධන බැංකුව (NDB) මඟින් අඩු පොළියක් යටතේ බැංකුවේ කොන්දේසි මත මෙම ණය මුදල නිකුත් කරනු ලබනවා.රුපියල් ලක්ෂයේ සිට රුපියල් විසිපන් ලක්ෂය දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

පැය 48 කට වඩා වැඩි කාලයක් රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිලාභය ලබා දෙනවා.නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වර්ෂයකට රුපියල් 25000 ක උපරිමයකට යටත්ව ප්‍රතිලාභ ලබා දෙනු ලබනවා.

නිත්‍ය දුබලතාවයට ලක්වූ සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දුදරුවන්ට මේ ශිෂ්‍යත්ව මුදල් ලබා දීම කරනු ලබයි. එහිදී සාමාජිකයා නිත්‍ය දුබලතාවයට ලක්වූ වර්ෂයේ සිට ඉදිරියට වර්ෂ පහක් සඳහා සලකා බලනු ලබනවා.

සාමාජිකයන්ගේ  දූ දරුවන් 5000 කට ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 120000 ක මුල්‍යාධාරයක් වාර්ෂිකව පිරිනමනු ලබනවා.පුවත්පත් දැන්වීමක් පළ කිරීම මඟින් අයදුම් පත් කැඳවනු ලබනවා.

අප මේ ලිපිය මගින් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල(ETF) මගින් ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබදව මුලික හදුන්වා දීමක් පමණයි සිදුකලේ. මේ ප්‍රතිලාභ ලබා ගැනීමේදි අවශ්‍ය වැඩි විස්තර සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් කාර්යාලයෙන් දැනගන්නට ඔබට පුළුවන්‍ෙ

දුරකථන: 0112581704 /0112368037 / 0112368542

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here