Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

සේමිණි ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

0
5


semini-iddamalgoda-arirested

ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඊයේ (10) වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී වෙනත් නඩු කාරණාවක් මත ඇය අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් මූලාශ්‍ර සඳහන් කරයි.

පොලිස් මූලාශ්‍ර අනාවරණය කරන පරිදි, ඉද්දමල්ගොඩ මහත්මිය පුද්ගලික ආරක්ෂක සමාගමක් පවත්වාගෙන යන අතර, එම සමාගමේ සේවකයන්ට වැටුප් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතී. මෙම නඩු හා සම්බන්ධව ඇයට එරෙහිව වරෙන්තු කිහිපයක් නිකුත් කර තිබූ බවත් තහවුරු වී ඇත.


උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළ ආකාරයට, දීර්ඝ කාලයක් තිස්සේ ඉද්දමල්ගොඩ මහත්මියට එරෙහිව වරෙන්තු පැවතියද, ඇතැම් පොලිස් නිලධාරීන් එම වරෙන්තු ක්‍රියාත්මක නොකර සඟවාගෙන සිට ඇත. මෙම තත්ත්වය නිසා නුගේගොඩ අධිකරණය විසින් නුගේගොඩ කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාට නොතීසි නිකුත් කිරීමට පවා සිදුව තිබේ.
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධුරයේ වෙනසක් සිදුවීමත් සමඟ, නව ස්ථානාධිපතිවරයා ඉද්දමල්ගොඩට එරෙහිව අධිකරණය නිකුත් කර තිබූ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටියදී මෙම සිද්ධිය වාර්තා වී ඇත. ඊයේ දිනයේ ඇය රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණි අවස්ථාවේදී පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය මින් ඉහත 2021 දෙසැම්බර් 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකටය.


ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් පවරා තිබූ නඩුව මින් ඉහත කැඳවා තිබූ අවස්ථාවේ ඇය උසාවියේ පෙනී නොසිටි බැවින් සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට එහිදීද වරෙන්තු නිකුත් වී තිබීණී.
ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට එවක අධිකරණය තීරණය කළ අතර  බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙනයාම වරදක් බව ඇය පිළිගෙන තිබුනි.
වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවා එයින් නිදහස් විය.
ඇය නැවත අධිකරණයට අවශ්‍යව ඇත්තේ මෙම ආරක්ෂක සේවා ස්ථානයේ සේවක ප්‍රශ්න සම්බන්ධයෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here