සේමිණි ඉද්දමල්ගොඩට ඇප

0
3


අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 07ක් නිකුත් කර ඇති බවයි.

මෙහිදී සැකකාර සේමිණි ඉද්දමල්ගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත්, එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන ඇති බවත් නීතිඥවරු මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් 100,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි නියම කළේ.

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ වැලිකඩ පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here