සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් `ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දින දා සාදයක් පැවැත්වීමට සම්බන්ධ වූ කොළෂ අපරාධ කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු වුට්ලර් පවසයි.
එහිදී ඔහු පවසන්නේ,
“රජයෙ සේවකයො කියලා කියන්නෙ විධායකය නියෝජනය කරන රජයෙ සේවකයො. අපට තියෙනවා වෘත්තීය ආචාරධර්ම පද්ධතියක්. මෙම වෘත්තීය ආචාරධර්ම පද්ධතියට අනුව කිසිදු අපරාධකරුවෙකු, කිසිදු අපරාධකාරියක සමඟ කිසිදු සබඳතාවක් පවත්වන්නට බැහැ.
එම නිසා මෙම අවස්ථාව විශේෂයෙන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පුද්ගලිකව එම අපරාධ කොට්ඨාසයට ගොස් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරලා විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගෙ නායකත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා මෙම සිද්ධියට සම්බන්ධ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව දැඩි විනයානුකූල පියවරක් ගැනීමට කටයුතු කරලා තියෙනවා.” යනුවෙනි.
0
Saru News
















