සෙව්වන්දිට රට පනින්න උදව් කළ 4 දෙනෙක් 7දා තෙක් රිමාන්ඩ්

0
2

ප්‍රබල පෙළේ පාතාල කල්ලි නායකයකු යැයි කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතන සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට පොලිසියෙන් බේරී රටින් පලායෑමට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියන් දෙදෙනකු ලබන 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (24දා) නියෝග කළේය.

සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කොට විමර්ශන කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. මේ අතර 2025.02.19 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පිහිටි අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින එම ඝාතනය සිදුකළ වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් පිරිස ද එදින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් පිරිස සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here