අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් සිදු කරන නඩු පැවරීම් පිළිබඳව අධිකරණයෙන් පිටතට පැමිණ අසත්‍ය සහ අවලාදාත්මක ප්‍රකාශ සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක ඊයේ (03) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ කොමිසමට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා දඬුවම් ලබා දිය හැකි බවයි. ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සිදු කර ඇති මූල්‍ය අපරාධ සම්බන්ධව අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශ ලබා දෙමින් සඳහන් කර තිබුණේ දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බව ය.
අධිකරණයේ විනිසුරුවරුන් හමුවේ එවැනි කිසිවක් ප්‍රකාශ නොකරන එම නීතිඥයන් මාධ්‍ය හමුවේ එවැනි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජයේ ද විශේෂ අවධානය යොමු වී තිබිණි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය අඩංගු වීඩියෝව පහතින්.
Saru FM Media