සෙනසුරාදාත් ඉරිදාත් සුපුරුදු ලෙස තෙල් බෙදාහැරීම අඛණ්ඩව

0
4

හෙට(21) සහ අනිද්දා(22) ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරන්නේ නැති බවට පල වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදුවේ.

අද(20) දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහනයේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහනවලට පමණි.

QR කේතයට හා ඔත්තේ / ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන ලබාදීමෙන් තදබදය අවම වී ඇති අතර සියලු දෙනාට පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව හිමිවී ඇත.

වැල්ලවාය ප්‍රදේශයේ ද පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුවේ.

ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය හා යුධ හමුදාව යොදවා තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන්නේ ලංගම හරහාය.

කන්තලේ / ත්‍රිකුණාමලය / කින්යා / මූතුර් යන ඩිපෝ හරහා මෙම කටයුතු සිදුවේ.

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් කිසිදු බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදුවේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here