සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක්

0
6


වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අද (16) සිට කෙටි පණිවුඩයක් ලැබී ඇත්නම් පමණක් පස්වරු 3 දක්වා සූර්ය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බවයි.

පසුගිය අභියෝගාත්මක දින කිහිපය තුළ ඔවුන් දැක්වූ සහයෝගයට ලංකා විදුලිබල මණ්ඩලය ස්තූතිය පිරිනමන බවද එහි තවදුරටත් දැක්වෙනවා.

මේ අතර අප්‍රේල් 11 වන සිකුරාදා, අලුත් අවුරුදු නිවාඩුව සමග විදුලි ඉල්ලුම දැඩි ලෙස පහළ බැසීම නිසා / රාත්‍රී 9:57ට 300 MWක ගල් අඟුරු බලාගාරයක් සම්පූර්ණයෙන් නවතා දැමීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළා.

අනතුරුව/ අප්‍රේල් 12 වන සෙනසුරාදා පෙරවරු 9:16 වන විට, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය සම්පූර්ණයෙන් නතර කළේ සූර්ය බලශක්ති ජනනයට අවස්ථාව සැලසීම සඳහා බවද විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

එතැන් සිට මෙතෙක් දිවා කාලයේ තෙල් බලාගාර කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here