නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතැයි වාර්තා වේ .
නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දීමෙන් අනතුරුව ඇය මෙම පියවර ගෙන තිබේ . සුෂිලා කාර්කි යනු නේපාලයේ හිටපු අගවිනිසුරුවරියක වේ .
නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතය.
මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද (13) දිවුරුම්දීමට නියමිතව ඇතැයි , විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
Saru FM Media