සුරේෂ් සලේ, පාස්කු දින ප්‍රහාර ගැන විමර්ශනයේ ‌ෙතවන සැකකරු ලෙස නම් කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි… – Saru News | සිංහල

0
2

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට අදාළ විමර්ශනයේ තුන් වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කිරීම හේතුවෙන් නඩුව අද (05) කැඳවිය.

එහිදී සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර මෙතෙක් කරන ලද විමර්ශන අනුව සාක්ෂි අනාවරණය වී ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

එම සිද්ධියට අදාළව නැගෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම් කර තිබේ.

පාස්කු ප්‍රහාර මාලාවට පෙර සිදුවූ, වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබයි.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here