සුරාබදු ලොක්කාගේ ප්‍රකාශයෙන් නිලධාරීන් කැලඹෙයි – දැඩි විරෝධය පා නිවේදනයකුත් 

0
1

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා ඉකුත් 17 වනදා වෘත්තීය සමිති රැස්වීමකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% – 30% අතර ප්‍රමාණයක් දූෂිත නම් දෙපාර්තමේන්තු ආදායම් ඉලක්කය අබිබවා එය 107% ක් දක්වා ඉහළ බව ප්‍රකාශ කරේ කෙසේද ? යන්නය.

එකී කරුණු අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කරන ලද ප්‍රකාශ පදනම් විරහිත හිතළුවක් බවට සහ සුරාබදු නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම සඳහා රාජ්‍ය පාලනය හා බදුකරනය සම්බන්ධ නොදැනුවත්කම මත කරන ලද ප්‍රකාශයක් බවට සිය වෘත්තීය සමිති එකමුතුවේ විධායක සභාව තීරණය කර ඇති බවද පෙන්වා දෙයි.

එහෙයින් මෙම ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් හෙට (21) දිනයේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හමුවී දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර අදාළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමටත් විධායක සභාව තීරණය කළ බව දැනුම්දෙයි.

එසේ නොවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සඳහන් කරයි.

Letter by poornima

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here