සුමන්දිරන්ගේ තර්ජනාත්මක ප්‍රකාශයට එරෙහිව මාලිමාවේ යාපනය නගරාධිපති අපෙක්ෂක කබිලන් පැමිණිපි කරයි

0
2


ජාතික ජන බලවේගය නියෝජනය කරමින් යාපනය මහ නගර සභාවට නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන සුන්දරමූර්ති කබිලන් තේරීපත්වුවද ඔහුට නගරාධිපති වීමට හෝ නගර සභාවේ සභියෙකු වීමට ඉඩ නොතබන බවට තමුල් අරුසු පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් විසින් යූටියුබ් නාලිකාවකට සිදු කර ඇති ද්වේශසහගත සහ තර්ජනාත්මක ප්‍රකාශයට එරෙහිව ජාතික ජන බලවේගයේ යාපනය නගර සභා අපේක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වන සීධරන් විසින් යාපනය පොලිසියට හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ, “යාපනය මහ නගර සභාව වෙනුවෙන් තරඟ කරන ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක සුන්දරමූර්ති කබිලන්ට එරෙහිව තමිල් අරුසු පක්ෂයේ මහලේකම් සුමන්දිරන් තර්ජනාත්මකව සිදු කර ඇති ප්‍රකාශ සම්බන්ධයේන් පොලිසියට පැමිණිලි කළා.
ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා සුන්දරමූර්ති කබිලන්ට නියෝජිතයෙකු ලෙස පත්විය නොහැකි බවට තමිල් අරුසු පක්ෂයේ මහලේකම් සුමන්දිරන් ප්‍රකාශ කර තිබෙනවා. එය මැතිවරණ නීතී රීති උල්ලංඝණය කිරීමක්. ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක සුන්දරමූර්ති කබිලන්ට නියෝජිතයෙකු ලෙස පත්විය නොහැකිද යන්න පිළිබඳය තීරණය ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් අධිකරණයයි. සුමන්දිරන්ට එවැන්නක් ප්‍රකාශ කළ නොහැකියි. එම නිසා අපි මේ පිළිබඳව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේ සහ යාපනය පොලිසියට පැමිණිලි කළා.” යනුවෙනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here