සුබ නැකතින් රට අනුරට දුන්නට වැඩ කරගන්න බැරිව දැන් අනුර කෙඳිරි ගානවා! ආදායම් වැඩි නොවුණත් බඩු මිල නම් අහස උසට ගිහින්! මිනිස්සු වේල් තුන පිරිමහගන්නෙත් අමාරුවෙන්! සජිත් මොනරාගලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
17


සුබ නැකැතින් රට අනුරට දීලා ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට යොමු කර ඇති බවත් අද ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවත් බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් එදිනෙදා වේල් 3 අමාරුවෙන් පිරිමහගන්නා බවත් මේ රජය ජනතාව මත පීඩනය පටවන්න දක්ෂද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යාවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නැංවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙදිරි ගාන බවත් රෝහල්වල අත්‍යාවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතල බෙහෙත් හිගයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතල ගැටලුවක් බවත් බෙහෙත් නැතිව රෝගීන්ගේ ජීවිත බේරා ගන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

විදුලි බල ඇමතිගේ ගමේත් දවස් ගාණකින් විදුලිය නෑ

විදුලි බල ඇමතිවරයාගේ නිවස ළග ගම්මාන රැසකට විදුලිය ඇන හිටී ඇති බවත් මේ නිසා විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වී ඇති බවත් ඒ ගම්වල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉටිපන්දම් එළියෙන් පාඩම් කරන බවත් මෙවැනි රටක් අද නිර්මාණය වී ඇති බවත් අදක්ෂ සැලැසුමක් නැති පාලනයක් රට පාලනය කරන්න වැඩපිළිවළක් නැති වැඩ බැරි ආණ්ඩුවක් රටේ නිර්මාණය වී ඇති බවත් මේ නිසා රටේ හැරවුම් ලක්ෂය මේ පළාත් පාලන මැතිවරණයෙන් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ජාතික ආරක්ෂාව මැරකල්ලි යටතට ගිහින්

ජාතික ආරක්ෂාව අද සුරක්ෂිතයි කියා කිව්වත් රටේ සෑම තැනම වෙඩි තැබීම් සිදුවන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු ඇමතිවරු මේ රජයේ සිටින බවත් මේ වසරේ මිනිමැරුම් 22ක් පමණක් දැනට සිදුව ඇති බවත් මේ ඝාතන ජාතික ආරක්ෂාවට අදාළ නැති කියා ඇමතිවරු කියන බවත් ජාතික ආරක්ෂාවට රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අයිති නමුත් මැරකල්ලි එය උදුරා ගෙන ඇති බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here